Thursday, November 21, 2024

නියම ගෝටා පණ ගහයි: “මිශ්‍ර ක්‍රම හරියන් නෑ; ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් විධායක බලය ඕන!”(බ්ලූම්බග් සාකච්ජාව)

ගෝටා කැලැසික් ( ගොටා නියම එක) නැවතත් වෙළෙඳපොළට පැමිණ තිබේ! ගෝටා ලයිට් (ගෝටා ලාවට) හි සති කිහිපයකට පසු,  ‘ ගෝ හෝම් ගෝටා’ අපකීර්තියේ ගෝඨා නැවත පැමිණ තිබේ. අරගලයට එය විශාල ආරංචියක් වනු ඇත. එනමුත් ශ්‍රී ලංකාවේ  කිමිදෙන ආර්ථිකයට, එතරම් වැදගත් ආරංචියක් නොවේ.

පසුගිය දා පළ වූ බ්ලූම්බර්ග් සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ගෝටා පවසන්නේ තමා නැවත තරඟ නොකරන නමුත් අසාර්ථක ජනාධිපතිවරයෙකු වීමට අකමැති බවත් ඔහුගේ ධුර කාලය අවසන් කිරීමට අදහස් කරන බවත්ය. ඔහුට ඒ සඳහා සුබ පැතුම්. (ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ධූර කාලය අවසන් කරන බවට සපථ කරයි, නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවනු ඇත – බ්ලූම්බර්ග්)

“…ජනාධිපතිවරයා කියා සිටියේ තමාගේ අතීත සාර්ථක නිල කාලය ( එනම් යුද සමය – ශ්‍රීලංකාබ්‍රීෆ්) ජාතියට සේවය කිරීම ආදර්ශයට ගැනීමට අවශ්‍ය බවයි… බෝග නිෂ්පාදනය පහත වැටීමට හේතු වූ රසායනික පොහොර තහනම් කිරීමේ කෙටි කාලීන පියවරක් වූ “ස්වාභාවික කෘෂිකර්මාන්තය” හරහා තල්ලු කිරීමේ ඔහුගේ මතභේදාත්මක ඉලක්කය ජනාධිපතිවරයා යළිත් අවධාරණය කළේය. (එම ලිපිය)

“විධායක ජනාධිපති ක්‍රමය දමනය කිරීම සඳහා සැලසුම් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයක සාර්ථකත්වය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ද සැක සහිත විය.”

“ මිශ්‍ර පද්ධතියක් රටක තිබිය නොහැක,” ඔහු පැවසීය. “මම මෙය අත්විඳ ඇති අතර දැන් එය දනිමි. මම මේ බව කී විට ජනයා මට දොස් කියන්න පුළුවන්. නමුත් ඒක තමයි ඇත්ත.”

“…ජනාධිපතිවරයාගේ මේ විධායක (බලතල) යනු කුමක්ද? මගේ පෞද්ගලික අදහස නම් රටක ජනාධිපති ධුරයක් තිබේ නම් ඔහුට සම්පූර්ණ බලතල තිබිය යුතු බවයි. නැතිනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර සම්පූර්ණ වෙස්ට්මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තුවකට යා යුතුය.”

ගෝටා 20 වැනි සංශෝධනයෙන් තමාට තිබූ සහ දැනටත් ඇති බලය යැයි සිතන්නේ කුමක්ද? ලංකාවේ ඕනෑම ජනාධිපතිවරයෙකුට තිබූ උපරිම බලතල ඔහු සතු වූ අතර නිදහසින් පසු මේ රටට  කවර හෝ ජනාධිපතිවරයෙකුට හෝ නායකයෙකුට වඩා ඔහු ක්‍රියාකාර්ත්වය ඉතා නරක ය. ‘පූර්ණ බලතල’ ජනාධිපති ධුරයක් අවශ්‍ය යැයි කීමට ඔහු බිහිසුණු දැන්වීමකි.

ජනාධිපති ධුරයකට “පූර්ණ බලතල” තිබිය යුතු යැයි ගෝඨා සිතන්නේ නම්, ඔහු 21 වැනි සංශෝධනයට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැක.

එක්සත් ජනපදයේ පුරවැසියකුව සිටි  ගෝටාට මිශ්‍ර ක්‍රමය ගැන පටලවාගෙන තිබේ. එක්සත් ජනපද ජනාධිපතිවරයාට “පූර්ණ බලතල” තිබේද? තුළන සහ සංවරණ සපයන බලතල බෙදීම මගින් ඔහු සීමා වී නොමැතිද? ඇමරිකා එක්සත් ජනපදය ජනාධිපති ධුරයක්, ශක්තිමත් අධිකරණයක් සහ ද්වි-මණ්ඩල ව්‍යවස්ථාදායකයක් සහිත “මිශ්‍ර ක්‍රමයක්” නොවේද?

බොහෝ සාකච්ඡා කිරීමෙන් පසුව, ඇරිස්ටෝටල් විසින් ප්‍රශංසා කළ සහ රෝමානු ජනරජය සහ එහි ඉතිහාසඥයින් විසින් යොදාගත් “මිශ්‍ර ක්‍රමයක්” එක්සත් ජනපදයේ ආරම්භක පියවරුන් පැහැදිලිවම අනුගමනය කළ බව ගෝඨා පැහැදිලිවම ඉගෙන ගෙන නැත.‍

ගෝඨාගේ නැවත පැමිණීමේ සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණ ව්‍යසනයකි.

  1. ඔහු දැනටමත් අසාර්ථක ජනාධිපතිවරයෙකු වන අතර ගෝලීය වශයෙන් ද සැලකන්නේ එළෙසය – අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස ඉවත්ව නොයාමට ඔහුට ඇති එකම අවස්ථාව විය හැකි වූයේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් සාර්ථක ලෙස සම්මත කර ගැනීමයි. ඒ වෙනුවට දැන් ඔහු එය රිවස් කිරීම අඟවයි.
  2. නැවත තරඟ කිරීමේ අවස්ථාව අත්හැරීම මහ ලොකු කජ්ජක් නොවේ; එය අමු විහිළුවක් වන්නේ ඔහුට නැවත තේරී පත්වීමට තබා නැවත නාම යෝජනා ලබා ගැනීමටවත් අවස්ථාවක් නොමැති බැවිනි.
  3. සම්පූර්ණ වාරයම අවසන් කිරීමට ඔහුට ඇති අවස්ථා එතරම් හොඳ නැත, ඕනෑම පරදු තබන්නෙකු එයට දෙනු ඇත්තේ පැරදෙන ඔට්ටුය.
  4. ඔහුගේ බ්ලූම්බර්ග් ප්‍රදර්ශනය යථාර්තයෙන් විසන්ධි වී ඇත. එනිසා එය ජාත්‍යන්තර පද්ධතියේ විශ්වාසය ඇති කිරීම සහ ආයෝජනය ලබා දීම වෙනුවට අපට ඇපදීමක්වත් ලබා දීමට ඉඩක් ඇති නොකරයි. කිසිම රටකට හෝ ආයතනයකට ඔහුගේ අඛණ්ඩ ජනධිපති ධූරයට සහනාධාර දීමට අවශ්‍ය නැත.
  5. තම මිත්‍ර පාක්ෂිකයින්ට  උදව් කිරීමේ නියමය කඩ කරමින්, ඔහු අගමැති වික්‍රමසිංහ සිටින බිමට ෂෙල් වෙඩි ගසා ඇත. එමඟින් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට, දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීමට සහ ආර්ථික ආධාර ලබා ගැනීමට ඇති අවස්ථාවට හානි කරයි.

බ්ලූම්බර්ග් කතාව ගෝඨාගේ සම්මුඛ සාකච්ඡාවේ දැවැන්ත නිශෙධාත්මක සංඥා සනාථ කරයි:

ටෙලිමර් හි ආර්ථික විද්‍යාඥයෙකු වන පැට්‍රික් කරන් පැවසුවේ “මෙය ඔහු වහා ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටින විරෝධතාකරුවන් සනසනු ඇතැයි සිතිය නොහැක.” කියාය. “ජනාධිපතිවරණයට වසර දෙකකට වැඩි කාලයක් ඉතිරිව තිබියදී, ඔහුගේ ධුර කාලය සම්පූර්ණ කිරීමට රාජපක්ෂගේ තීරණය ඉදිරි වසර කිහිපය තුළ දේශපාලන අවිනිශ්චිතභාවය ඉහළ නැංවීමට දායක වනු ඇති අතර ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට බාධාවක් විය හැකිය.” ( එම ලිපිය)

තමා “පූර්ණ බලතල” ඇතිව  කළ දේ ගෝටා හැර අන් සියල්ලෝම දනිත්. එෆ්ටී (ලන්ඩන්) කතුවැකිය මෙසේ සටහන් කරයි: “ශ්‍රී ලංකාවේ දුක් වේදනා සඳහා එකම හේතුවක් වේ.. 2019 දී නව රජයක ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු කප්පාදුවක් මගින් ජනතා සහයෝගය ගොඩනඟා ගැනීමට උත්සාහ කළේය.

මත විචාරක කර්තෘ රූත් පොලාර්ඩ් විසින් බ්ලූම්බර්ග් වාර්තාව මෙසේ නිරීක්ෂණය කරයි:

“ජනාධිපතිවරයා එක රැයකින් කාබනික ගොවිතැනට මාරුවීමට ගත් තීරණය…පවුලේ බලකොටුවෙහි කෘෂිකාර්මික අංශයේ අයට ආපසු හැරවිය නොහැකි හානියක් කළේය. මාස හයකට පසු තහනම ඉවත් කරන ලදී, නමුත් ඒ වන විට හානිය සිදු වී අවසන්ය – අස්වැන්න පිරිහී, රට ආහාර හා විදේශ සංචිත අර්බුදයකට ඇද වැටී එය මැයි 19 වන දින ණය ගෙවීම පැහැර හැරීමෙන් අවසන් විය.

ලෝකයේ ප්‍රමුඛතම දේශපාලන අවදානම් විශ්ලේෂණ සහ උපදේශන සංවිධානයක් වන යුරේසියා සමූහයේ නිර්මාතෘ-සභාපති, දේශපාලන විද්‍යාඥ ඉයන් බ්‍රෙමර් විසින් ටයිම් සඟරාවේ ලිපියක, ‘අපි මෙතැනට ආවේ කෙසේද?’ යන ප්‍රශ්නය මතු කර පිළිතුරු දෙයි:

“ශ්‍රී ලංකාව දුප්පත් රටක් නොවේ. ක්‍රය ශක්තිය අනුව සකස් කළ විට, මිලියන 22 ක ජනතාවක් සිටින මෙම ජාතියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය දකුණු අප්‍රිකාව, පේරු, ඊජිප්තුව හෝ ඉන්දුනීසියාවට වඩා වැඩි ය. නමුත්… මුදල් ඒකකය කඩා වැටෙමින් පවතින අතර රජයට ආනයනය කිරීමට හෝ ණය ගෙවීමට හැකියාවක් නැත.”

අපි  මෙතැනට තල්ලු වූයේ කෙසේද?

ගෝටා නමින් හැම දෙන දන්නා, ජනාධිපතිවරයා අගමැති ලෙස නම් කළේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්දය. 2020 දී අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් මගින් රාජපක්ෂලාට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා දුන් අතර, ඉන් අනතුරුව ජනාධිපතිවරයාට අසාමාන්‍ය නව බලතල ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත ලිවීමට ඔවුන්ට හැකි විය.

ඉන් පසු  ඔලුව ඉදිමීම ආරම්භ විය. පවුලේ අයට සහ ගජ මිතුරන්ට රජයේ වැදගත් තනතුරු බෙදුණි. ජනතාවාදී බදු කප්පාදු ඇතුළු ආර්ථික වැරදි මාලාවක් රජයට ආදායම අහිමි කළ අතර විදේශයන්හි මුදල් ණයට ගැනීම බෙහෙවින් දුෂ්කර විය.

රාජපක්‍ෂලා විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සම්ප්‍රදායික නිදහසට කරුණ වන බාහිර කම්පනවල භූමිකාව බ්‍රෙමර්ගේ විශ්ලේෂනයේ මූලික කරුණ නොවන අතිරේක හෝ ද්විතීයික සාධකයක් බව  සටහන් කළ හැක. ප්‍රධානතම සාධකය වන්නේ රාජපක්ෂ පරපුරේ ප්‍රතිපත්තිමය මුග්ධත්වයයි.

ආචාර්ය දයාන් ජයතිලක විසින් ඩේලි එෆ් ටී පුවත්පතට ලියන ලද Gota Classic and politics in the crucible of crisis ලිපයෙහි මුල් කෙටස ඇසුරින් සකස් කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රීෆ විසිනි.

Archive

Latest news

Related news