Friday, April 19, 2024

අගමැති රනිල් නීතිඥ සංගමය ජනපති සමඟකළ සාකච්ජාව ගැන පාර්ලිමේන්තුවට බොරු කියයි! 

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය 08දා පාර්ලිමෙන්තුවෙහි දී කරන ලද ප්‍රකාශයක් මගින් නීතිඥ සංගමය සහ ජනාධිපති අතර පැවැති සාකච්චජා පිළිබඳව වැරදි අර්ථ කථනයක් දී ඇතැයි නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නිතිඥ සංගමය ජනාධිපතිවරයා සමඟ ගිවිසුමකට පැමිණි බවත් දැන් කටයුතු සිදු වන්නේ් ඒ අනුව බවත් රනිල් වික්‍රමසිංහ කියා සිට තිබේ.

එම කරුණූ සාවද්‍ය බව නීතිඥ සංගමය පහත පළවෙන නිවේදනය මගින් කියා සිටී.

අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳවයි 

”2022 මැයි මස 8 වැනි දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කළමනාකරණ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මන්දිරයේදී ඔහු හමු වී, ඔහු වෙත යවා තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන යෝජනා පිළිබඳව සාකච්ජා කරන ලදී.

තවද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම පරිදි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, සමගි ජන බලවේගය (SJB) සහ ජාතික ජන බලවේගයේ (NPP) නියෝජිතයන්ද සංගමයේ කළමණාකරන කමිටුව හමු විය.

මෙම සෑම රැස්වීමක් පිළිබඳවම මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා වලට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන යලි ස්ථාපිත කිරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ යෝජනා පමණක් නොව 15 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයකින් සමන්විත ජාතික රජයක් පිහිටුවීම ඇතුළු යෝජනා කිහිපයක් සහ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ විසින් පිළිගත හැකි අග්‍රාමාත්‍යවරයකු පත් කිරීම, සියලුම පාර්ශවයන් විසින් එකග විය යුතු පොදු අවම වැඩසටහනක් සහ සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුතු උපදේශන කමිටුවක් පත් කිරීම යන කරුණුද ඇතුළත් විය. 
  •  ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිතුමා සමග කිසිදු එකඟතාවකට පැමිණ නැත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය යනු වෘත්තීමය සංවිධානයක් වන අතර ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර ගිවිසුමකට එළඹීම පිළිබඳව කරුණු කිසිම අවස්ථාවක මතු වී නැත. 
  • විධායක ජනාධිපති ක්‍රමය සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එකඟ වන්නේ නම් ඔහුට තවදුරටත් ධුරයේ රැඳී සිටිය හැකි බවට කිසිදු සහතිකයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයාට ලබා දී නැත.

    එසේම රට තුළ ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශපාලන ස්ථාවරත්වයක් අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් සිය යෝජනා කෙරෙහි එකඟ වී ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය යලි අවධාරණය කර සිටියි.

    පළමු පියවර ලෙස 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන ප්‍රමාදයකින් තොරව නැවත සම්මත කළ යුතු අතර ඉන් පසුව විධායක සහ ව්‍යවස්ථාදායකය විසින් වග වීම තහවුරු කිරීම සහ දූෂණය පිටු දැකීමේ ඡනතා අභිලාෂයන් ඉටු කරන පොදු අවම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුලින් රටේ ස්ථාවරභාවයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයි.”

Archive

Latest news

Related news