Friday, April 26, 2024

විරෝධතාකරුවන්ට දීර්ඝ සිර දඩුවම් දීමේ ගෝටා-රනිල් මර්දනය මාතරින් ඇරඹේ! පාර හරස් කලාට වසර තුනහමාරක් සිරගෙට!

ඡායාරූපය ජෙිඩීඒස් ටිවිටරයෙනි.

ඉන්ධන හිඟයට රටපුරා පැන නැගි විරෝධය පෑමේ කොටසක් ලෙස මාතර පාරක් හරස් කර ත්‍රී රෝද රථයක් ගිනි තැබීමේ චෝදනාව යටතේ 30 හැවිරිදි  මාතර පදිංචිකරුවකුට මාතර මහේසත්‍රාත් අධිකරණය විසින් වසර තුන හමාරක සිර දඩුවමක් සහ රුපියල් 56,000 ක දඩයක් නියම කර තිබේ.

මෙම විරෝධතාවයන් ගෝටා ගෝ හෝම් ව්‍යාපාරයේ දිගුවක් බවටද පත් විය.

‘දේපල හානි කිරීමේ’ චෝදනා මත මෙසේ දඩුවම් කරන ලද්දේ මාතර මැද්දවත්ත පදිංචිකරුවකු වූ ඊ.ඩී. නිරංජන් ලක්ෂාන් (30) යන අයටය.

එදිනම ලක්ෂ 640ක අල්ලසක් ඉල්ලු බවට වරදකරුවූ රනිල් වික්‍රමසිංහ කැබිනට්ටුවේ ප්‍රධාන ඇමැතිවරයකු වන ප්‍රසන්න රණතුංගට අධිකරණය නියම කරන ලද්දේ  අත්හිටවූ සිර දඩුවමකි.

ඊට දින කිහිපයකට පෙර මල්වානේ බංගලාව නඩුව ඉදිරියට ගෙන නොයන බව නිතිපති දෙපාර්ථමේන්තුව කිසා සිටීමෙන් පසු එම සුවිසල් නිවය ගොඩ නැගීමට මූලිකත්වය ගත් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කරන ලදී.

කෝටි ප්‍රකෝටි ගණනින් මහ බැංකුව කොල්ල කෑ බවට සාක්ෂි සහිතව චෝදනා ලද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස රට පාලනය කරයි.

එල්ටීටීඊ සංවිධානයට කොට් ගණනින් බැසිල් ගේ මුදල්ලබා දුන් බව පිළිගත් ටිරන් අලස් පොලිස් ඇමැතිවරයා ලෙස යහතින් සිටී.

පසුගිය කාලය පුරා දේශපාලන අනුග්‍රහයෙන් මෙරට මුස්ලිම් සහ දෙමළ ජනයා මත මුදා හරින ලද දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් සහ දේපල විනාශ කිරීම් සම්බන්දයෙන් එකදු පුද්ගලයකුට හෝ දඩුවම් කර නැත.

එසේ වෙකක් දැනටමත් අරගලයට සම්බන්ධ චෝදනා යටත් දහස් ගණනාවක්  අත්අඩංඟුවට ගෙන ඇති අතර තවත් දහස් ගණනාවක්  අත්අඩංඟුවට ගැනෙනු ඇතැයි වාර්තා වේ.

ඉහත කී සැකකරු වරද පිළිගත්තේද ඔහු වෙනුවෙන් අරගලයේ කොටස්කරුවන් වන නීතිවේදීන් පෙනී සිටියේ ද යන්න දැන ගැනීමට නැත. වරද පිිළිනොගත්තේ නම් මෙතරම් ඉක්මණින් මෙවැනි නඩුවක් අවසන් කිරීම ඉතා දුෂ්කරය.

1971 කැරැල්ලේ පරාජයෙන් පසු දහස් ගණනාවක් තරුණ තරුණියෝ අධිකරණය හමුවේ වරද පිළිගත්හ. එළෙස වරද පිළිගත් බොහෝ දෙනෙකුට ලබා දෙන ලද්දේ අත්හිටවූ සිර දඩුවම්ය.

පාරවල් හරස් කිරීම. අගමැති නිවස වටලෑම, එහි තාප්ප මත විරෝධතා සටන් පාඨ ලිවීම, ජනාධිපති කාර්යාලයේ දොරටුව අවහරි කිරීම, පොලිස් බාධක බිද හෙළීම. අධිකරණ නීති නොසළකා විරෝධතා පාගමන් හි යෙදීම, වැනි චෝදනා ඉදිරි කාලයෙහි නඩු පැවරීමට ඉඩ ඇති බව නීති අංශ පවසති.

ඉදිරියෙහි එන දැවැන්ත අරුබූදය හමුයෙහි විිරෝධතා වර්ධනව වන්නට වූ කළ රනිල්-ගෝටා සාමුහික මර්දනය මෙරට ජනයාගේ අයිතීන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කැරෙනු ඇතැයි ද විචාරක පිරිස් පූරෝකතනය කරති.

ජයග්‍රහනයේ කඩ ඉම කරා ලඝා වෙමින් සිටියදී  රනිල් වික්‍රමසිංහ ගේ ද්‍රෝහී ක්‍රියා පිළිවෙත සහ රනිල්වාදී රාජ්‍ය නොවන කණ්ඩායම් විසින් ගෙන යන ලද ප්‍රචාර මෙන්ම වාමාංශික දේශපාලන පක්ෂ අරගලයේ හිමිකරුවන් වීමට ගෙන යන කට්ටිවාදී පිිළිවෙත් යනාදිය නිසා අරගලය දුර්වල වී පරාජය වුවහොත් ඇති විය හැති දැවැන්ත මර්දනයේ පළමු ඉඟිය මෙය විය හැකි යැයි මානව හිමිකම් පිරිස් බිය පළ කරති.

Archive

Latest news

Related news