Thursday, April 18, 2024

ඇමැති ප්‍රසන්නට දඩුවම් කළොත් ජාත්‍යන්තර ප්‍රජාවට වැරදි පණිවිඩයක් යාවි; කැබිනට්ටුව අස්ථාර වෙිවි! – ප්‍රසන්නගේ නීතිඥ අනිල් සිල්වා

ප්‍රසන්න රණතුංග: දබර ඇගිල්ලේන් තරජනය කරන්නා.

ජෙරාඩ් මෙන්ඩිස් නැමති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක අනවසර පදිංචිකරුවන් ඉවත් කර නැවත ගොඩ කිරීමට රුපියල් මිලියන 64ක් මුදලක් ඉල්ලා සිටි බවටයි අමාත්‍යවරයාට චෝදනා එල්ල වීය.

නඩු විභාගය වසර හතරක් පුරා පැවැතුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග වරදකරු බවට කොළඹ මහාධිකරණය ඔහුට වසර 5කට අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක් නියම කළ අතර රුපියල් මිලියන 25ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

පසුව ප්‍රසන්න රණතුංග මහතා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ නීතීඥවරයා වූ අනිල් සිල්වා තම සේවාදායකයාට ලබාදී ඇති දඩුවම අඩු කරන ලෙස හයවනදාම කොළඹ මහාධිකරණ විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊට හේතු වශයෙන් ඔහු ඉදිරිපත් කර ඇත්තේ කැබිනට් අමාත්‍යවරයෙකුට දඩුවම් දීමෙන් ජාත්‍යන්තර ප්‍රජාවට වැරදි පණිවිඩයක් ලබාදිය හැකි බව;

අත්අඩංගුවේ  තිබූ රුසියානු ගුවන් ගමන් සිදුවීම ගැන නිසා  දැනටමත් සංචාරකයින් සංඛ්‍යාව පහත වැටී ඇති බවත් අධිකරණ තීන්දුවක් හේතුවෙන් ලෝකයේ වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වී ඇති නිසා;

එමගින් කැබිනට් අමාත්‍යවරයෙකුට දඩුවම් ලබාදීමෙන් ජාත්‍යන්තර ප්‍රජාවට වැරදි පණිවිඩයක් ලැබීම සහ එමගින් අමාත්‍ය මණ්ඩලයේ කටයුතුවලද අස්ථාවර භාවයක් ඇති වීම;

පසුගිය මැයි 09 වැනිදා ඇති වූ නොසන්සුන්තාවයෙන් අමාත්‍යවරයාගේ උඩුගම්පොළ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබීම සහ ඒ හේතුවෙන් ඔහුගේ දියණියගේ විවාහ උත්සවය කල් දැමීමට සිදුවීම;

මෙම සිද්ධීන් හේතුවෙන් අමාත්‍යවරයා සහ ඔහුගේ දියණිය මානසික කම්පනයකට ලක්ව සිටීම සහ බව අමාත්‍යවරයාට පසුගිය දිනක ශල්‍යකර්මයක් සිදු කර තිබීම;

මේවා ගෝටාටම ඔබින අපූරු තර්කය.

අන්තර් ජාතික වශයෙන් රටවල් නමක් දිනා ගන්නේ දූෂිත දේශපාලනඥයින්ට අඩු දඩුවම් දීමෙන් නොව ඔවුන් සිරගත කිරීමෙනි.

නීතිඥ අනිල් සිල්වාගේ තර්කය මෙම සත්‍යය උඩියටිකුරු කරවීමකි.

අධිකරණයේ වැරදි තීන්දු මගින් රටට අයහපතක් වන බව කියා සිටීම අධිකරණය බිය වැද්දවීමකි.

අමාත්‍ය මණ්ඩලයේ ස්ථාවර බව පවත්වා ගැනීමට දූෂිත ඇමැතිවරුන්ට දඩුවම් නොදී සිටිය යුතු නම් අධිකරණය වෙනුවට නඩු ඇසිය යුත්තේ දේශපාලනඥයින්ය.

රනිල් වික්‍රමසිංහගේ ඇමැති මණ්ඩලය රැක ගැනීමට මෙම තර්කය අනුව ඕනෑම දහජරා වැඩක් කරන ඇමැතියකු වුවත් හිරේ නොයැවිය යුතුය.

ඇමැතිවරයකු ගේ දුවගේ විවාහය සහ මානසික තත්වය දඩ්වම් දීමේද සැළකිය යුත්තේ නම් එය අපරාධ නීති සංග්‍රහයට අලුතෙන් ඇතුල් කර ගැනීමට සිදු වනු ඇත.

විත්තියේ නීතීඥ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ දේශපාලකයන්ට සහ බලයේ සිටින අයට තම බලතල භාවිත කරමින් මහජනතාවට තර්ජනය කළ නොහැකි බව පෙන්වීමට හැකි තීන්දුවක් නිකුත් කළ යුතු බවයි. මෙම තීන්දුව පූර්වාදර්ශයක් විය යුතු අතර මහජනතාවට විශ්වාසයක් ලබා දිය යුතු එකක් විය යුතු බවයි.

අසෝක ජයවර්ධන විසිනි.

07.06.22

Archive

Latest news

Related news