Thursday, April 25, 2024

රනිල් සමඟ කරු ජයසූරිය ගේ ටී පාටිය සහ අරගල සටන් පාඨය වළ දැමීම

ඡාායරූපය: මාදුළුවාවේ සෝභිත හිමි ගෙන ආ මූලික ඉල්ලීම වූ විධායක ජනපති ක්‍රමය කිරීම මෙම තේ පාටියේ දී සඳහන් කිරීමට එහිමියන් නායකත්වය දුන් එම ව්‍යාපාරය නියෝජනාය කර කිසිවකු ධෛර්යමත් වී නැත.

පසුගිය 04 දින ගෝටා ගෙදර යැවීම අරමුණූ  කරගත්  තරුණ විරෝධතා ව්‍යාපාරයට වැදගත් දිනයක් විය. එදින ර‍ට පුරා විවිධ විරෝධතා ව්‍යාපාර පැවැත්වුණි.

සමාජ සාධාරණත්වය සඳහා ජාතික ව්‍යාපාරය  ගොඩ නැගූ මාදුළුවාවේ සෝභිත හිමි ජීවතුන් අතර සිටියේ නම් එදින නිසැකවම එවැනි විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන්නට තිබුණි.

දැන් එම ව්‍යාපාරයේ ක්‍රියාකාරි කණ්ඩායම වන පිරිස එදින කළේ ගොඨාභය රැක ගැනීම පිණිස අගමැති ධුරය ලබා ගත් රනිල් වික්‍රමසිංහ සමඟ තේ පැනි සංග්‍රහයකට සහභාගි වීමයි!

එම පිරිසේ නායකත්වය දැරුවේ කරු ජයසූරිය වන අතර තේ පැන් සංග්‍රහය පවත්වන ලද්දේ ද ඔහුගේ නිවසෙහිය.

වික්‍රමසිංහ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ ආර්ථික සහ දේශපාලන අර්බුද සමහන් කර ගැනීම උදෙසා ගනු ලබන  පියවර ඉදිරිපත් ලද අතර කරු ජයසූරිය එම වැඩ පිළිවෙළට ආශීර්වාද කළ බව සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරය පුවත් පුත් නිවේදනයක් මගින් උජාරුවෙන් කියා සිටියේය.

එම ප්‍රවත්පත් ප්‍රකාශණය අනුව තරුණ අරගලයේ තනි සටන් පාඨය වන ගෝටා  ගෙදර යා යුතුය යන්න නිකමට හෝ කරු ජයසූරිය හෝ මෙම තේ පැන් සංග්‍රහයට සහභාගි වූ කිසිම අයෙක් සඳහන් කර නැත.

එපමණක් නොව 20 වන සංශෝධනය  අහෝසි කළ යුතු බව කියා සිට ඇති නමුත් 19 වන සංශෝධනය වඩා ශක්තිමත්ව ගොන ආ යුතු බව වත් කියා නැත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලික ඉල්ලීම වූ අතර කරු ජයසූරියට එයද අමතක වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම රට අගාධයට ඇද දැමූ බව වත් කිසිවකු කියා නැත.

මෙම තේ පැන් සංග්‍රහය පැයක් පමණ පැවැති අතර සියළු දෙනා සිනිහ මුසු මුහුණින් විත්‍රමසිංහ පිළිගත් බවද වාර්තා වේ.

මෙම සංවිධානයේ තරුණ අංශය බාරව කටයුතු කරන  ගෝටා ගෝ ගමෙහි ප්‍රකාශකයකු ද වන අකංළංක නම් තරුණයා මෙම සාකච්ජාවට කැඳවා නැත.

මාදුළුවාවේ සෝභිත හිමිට කළ හැකි ලොකුම ඇවැඩ දැන් ඉතා කුඩා කණ්ඩයාමක් බවට පත්ව ඇති කරු ජයසූරියගේ සමාජ සධාරණත්වය සඳහා ව්‍යාපාරය විසින් කර තිබේ.

සේ. පියවර්ධන

ලැජ්ජා නැති පුවත්පත් ප්‍රකාශය:

 

Archive

Latest news

Related news