Thursday, March 28, 2024

ආයෙත් පේල්: මිනීමරුවකුට නිදහස දී ගෝටා ඉල්ලං කෑ මේ කතාව මුල සිට අගට!

ඡායාරූපය: මිනීමරු දුම්න්ද නිදහස්භා කොට භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍රට කරන ලද අවනඩුව වෙනුවෙන් රාජපක්ෂවරු වන්දි ගෙවිය යුතුය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් දීම, අසමත් ගෝටාගේ අසමත් ලකුණු ලැයිස්තුවෙහි තවත් කැපී පෙනෙන දුෂ්ට ලකුණක් බවට අද පත් විය.

ඒ මිනීමරු දුමින්ද සිල්වාට සමාව නිදහස් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කිරීම නිසාය.

දුමින්ද සිල්වා  මේ වන විට ශ්‍රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බවට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 06දා ඔහු සිංගප්පූරුව බලා ගියේ ය. ශ්‍රී ලංකාවේ අධිකරණය මග හැර සිටින වික්‍රමසිංහගේ මිතුරා සහ බැදුම්කර මගඩියේ මහ මොළකරු වූ අර්ජුන් මහේන්ද්‍රන් හමුවීමට වෙන්නටත් පුලුවන.

ඉරනම් සහගත ලෙස මෙම දුෂ්ඨත්වය අධිකරණ තීරණයක් මගින්  අද ප්‍රකාශ වූයේ රනිල් වික්‍රමසිංහගේ සහායෙන් දෙපා වාරු ගෙන නැගී සිට තමන්  යටතෙහි ඇති ආරක්ෂක අමාත්‍යාංශයට ආයතන 42ක් ඇතුල් කර ගනිමින් ගෝටා,  වික්‍රමසිංහට කොකා පෙන් වූ දවසේ දීමය. ඒ් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසය.

අද ප්‍රසිද්ධ කරන ලද ගැසට් නිවේදනයක් මගින් ගෝටා තමන් යටත්ට  ත්‍රිවිධ හමුදාව සහ ඊට අදාල ආයතන පමණක් නොව ටෙලිකොම් ආයතනය වැනි සුරබි දෙනුන්ද පවරා ගත්තේය.

දුමින්ද රාජපක්ෂ සුරතලෙකි.

මිනීමරු, හිටපු දේශපාලඥ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන ලද්දේ 2021 ජූනි 24 වනදාය.

2011 ඔක්තෝබර් මාසයේදී වසරේ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා වැරදිකරු විය.

අනතුරුව කොළඹ මහාධිකරණය දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කළේ 2016 සැප්තැම්බර් 8 වැනිදාය.

දුමින්ද සිල්වා, ගෝඨාභය රාජපක්ෂගේ ගජ මිතුරකු වන අතර මහින්ද රාජපක්ෂගේද  ගෝල බාලයෙකි.

සිල්වාට සමාව ඉල්ලා පොහොට්ටු  මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් 2020 වසරෙහි පෙත්සමකට ද අත්සන් කළේය.

ඔහුට සමාව දීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි විවේචනයට භාජනය විය.

මිනීමැරුම් වැරදිකරුවකු වූ දුමින්ද සිල්වා  නිදහස් කිරීම සම්බන්ධයෙන්  කළ යුතුව තිබූ සලකා බැලීම් ගණනාවකින් එකක් හෝ සපුරා නැත්නම් නම් ඔහුට ලබා දී ඇති ජනාධිපති සමාව අසාධාරණ සහ අත්තනෝමතික බව නිදහස දෙන ලද දිනයෙහිම  ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ප්‍රකාශ කළේය.

දුමින්ද සිල්වා ජනාධිපති සමාව මත නිදහස් සම්බන්ධයෙන් නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව විමසන ලද ප්‍රශ්න වලට තමා නීතියට ඉහළින් යැයි සිතා සිටි ගෝටා පිළිතුරු දුන්නේ නැත.

එම  ප්‍රශ්න මෙසේ විය:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේ සමාව ලබා දීම සඳහා දුමින්ද  තෝරා ගනු ලැබූ පදනම කුමක්ද?

එසේ සමාව ලබාදීමේදී සැලකිල්ලට ගත් තත්ත්වයන් මොනවාද?

දුමින්දට දඩුවම් ලද නඩුවෙහි  දැනට දඬුවම් විඳිමින් සිටින අනෙක් අය අතහැර දුම්න්දට පමණක් සමාව දෙන ලද්දේ කුමණ හේතු උඩද?

සමාව දීමට පෙර 34(1) වගන්තියේ විධිවිධානයට අනුව ජනාධිපතිවරයා විසින් නඩු විභාගයේ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටියේද ?

එසේ නම්, වාර්තාවේ අන්තර්ගතය කුමක්ද?

සමාව ලබා දීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටියේද?

එසේ නම්, එම උපදෙස්වල අන්තර්ගතය කුමක්ද?

සමාව ලබා දීමට පෙර අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ලබා ගත්තේද?

එසේ නම් අමාත්‍යවරයා එවැනි නිර්දේශයක් කළේද?

ඉහත සලකා බැලීම්වලින් සපුරා නැත්නම් මෙම සමාව දීම “නීතියේ ආධිපත්‍යය ඛාදනය වීමටත්, යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය නැති වීමටත්” හේතු වනු ඇති බව නීතිඥ සංගමය කියා සිටියේය.

ගෝටා එම කිසිදු නීතිමය ප්‍රශ්නයකට පිළිතුරු නොදුන්නා පමණක් නොව නිදහස් කළ මිනීමරුවා මහජන මුදලින් යැපෙන සංස්ථා සභාපතිවරයකු බවටද පත් කළේය.

දුමින්ද සිල්වා, පසුගිය නීතිපති වූ දප්පුල ලිවේරාගේ ප්‍රකාශිකාව  වූ නීතිපති දෙපාර්තමෙන්තුවේ නීතිඥවරියක හා විවාහ වීමට ද සූදානම් වෙමින් සිටියේය.

සිරිසේන විසින් සමාව දෙන ලද ජූඩ් සමන්ත සිය පෙම්වතිය මරා දමා තිබුනේ දහ දොළොස් වතාවක්  ඇය ගේ හිස තරප්පු පේලියේ හප්පා පොඩි කරමිනි.
මෙම සමාව කෝටි ගණනාවක් වටිනා එකක් වූ බව කියැවේ.

ජනාධිපති සිරිසේන විසින් කෝටි ගණනාවක් වටිනා රෝයල් පාක් තිරශ්චීන මිනීමරුවා වූ  වූ ජූඩ් සමන්ත නිදහස් කරන ලද්දේ මෙළෙසම හිතුවක්කාර ලෙසය. ඔහු එදිනම ගුවන් ගත වී අතුරුදහන් විය.

2019 නොවැම්බර් මාසයේදී එම සමාව දීමට විරුද්ධව පවරන ලද නඩුවක් අවසන් වනතුරු ජූඩ් සමන්තට විදෙස් ගත වීම තහනම් කරන ලද මුත් ඒ වන විටත් ඔහු පැන ගොස් තිබුණි.

සිරිසේන බොදු බල සේනා ඥණසාරට නිදහස දෙන ලද්දේ ද ඉහත ක කිසිදු කොන්දේසියකින් තොරවය.

ඊයේ පෙරේදා ඥණසාරද ඩුබායි බලා ගියේය.

මේ සියල්ල ගෝඨාභය රාජපක්ෂගේ සොහොන් ළකුණුය. වික්‍රමසිංහ මෙන උප්පරවැට්ටි දැමූවද තව තව වැඩිවනු ඇති සොහොන් ළකුණූ වැසීමට නොහැකි වනු ඇත.

Archive

Latest news

Related news