Saturday, April 20, 2024

“19වන සංසෝධනය අසාර්ථකත්වයක්; 21වන සංසෝධනය ඊට වඩා අන්තයි! දේශපාලන ස්ථාවරත්වය සඳහා මැතිවරණක් ඕනෑ” – සුමන්තිරන් (පා.ම)

ඡායාරූපය:”දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මැතිවරණයක් අවශ්‍යයි.”

රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුද විසඳීම සඳහා කඩිනමින් අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ මොනවාද?

අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. එය හදිසි කාරණයක්. ඇත්ත වශයෙන්ම දෙමළ ජාතික ප්‍රශ්නය ද මේ අවස්ථාවේ දී විසඳිය යුතු යි.

ව්‍යවස්ථා සංශෝධන මඟින් මේ අවස්ථාවේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය සහතික කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?

එය ආර්ථික ස්ථාවරත්වය සඳහා වහා අවශ්‍ය වන දේශපාලන ස්ථාවරත්වය සහතික කරාවි.

ඔබට පෙනෙන පරිදි, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් යෝජනා කරන ලද 21 වැනි සංශෝධනයේ වාසි සහ අවාසි මොනවාද? එය 19 වැනි සංශෝධනයෙන් වෙනස් වන්නේ කෙසේද?

21 වැනි සංශෝධනය  19 නැවත ගෙන ඒමක් බවයි  කීවේ. මගේ මතය අනුව, එය ප්‍රමාණවත් ප්‍රතිසංස්කරණයක් නොවේ.  19  සංසෝධනය  කියන්නේ එය තුන් වරක් දියාරු කළ එකක්.

මුලදී, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය මැතිවරණ ව්‍යාපාරයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා. නමුත් පසුව ‘දින 100 වැඩසටහන’ මගින් ජනමත විචාරණයකින් තොරව කළ හැකි දේ පමණක් කරන බව කිව්වා. පළමු අවස්ථාවේ දී ම එය කෙටුම්පත් කළේ ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිවක් නොමැති වන පරිදි . එය දියාරු කිරීමේ පළමු අවස්ථාව.

ඉන්පසුව, දෙවනුව, එය ගැසට් කර ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පසු, ශ්‍රේෂ්ඨාධිකරණය ද වැදගත් ප්‍රතිපාදන කිහිපයක් අනුමත කළේ නැහැ. ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එය කළ නොහැකි බවත් ජනමත විචාරණයක් අවශ්‍ය බවත් කියා සිටියා. එමගින් එය දෙවන වරට දියාරු වුණා.

තෙවැනි අවස්ථාව එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ආණ්ඩුවට සිටියේ මන්ත්‍රීවරුන් 43ක් පමණයි.   150කට  මංත්‍රීවැඩි පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) සිටියා. එනිසා සම්මුති රැසක් ඇති කර ගැනීමට සිදු වුණා. ඔවුන්ට බොහෝ දේ ඉවත් කිරීමට අවශ්‍ය වූ බැවින් ඒවා කරන්න වුණා. ඇත්ත වශයෙන්ම ඒ සියල්ල සාකච්ඡා කිරීම සඳහා අවසන් දිනයේ ඡන්ද විමසීම තවත් පැයකින් දීර්ඝ කරා.  මේ තමයි තෙවන දියාරු කිරීම.

සංසෝධනයේ  මුලික අභිප්‍රාය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. නමුත් එය තෙවරක් දියාරු වුණා. ඊට නිදහසට කරුණක්  ලෙස ‘මෙය තාවකාලික පියවරක් පමණක් බවත් අප හදන්න යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා’ යැයි කියවුණා.  නමුත් එම නව ව්‍යවස්ථාව පසුව කිසි දිනෙක ආවේ නැහැ.  අප 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිර වුණා.  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර නොඑකඟතා සහ ඇනහිටීමක් ඇති වුණා. දැන් ත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තමයි නැවත නැවත ගෙන එන්න හදන්නේ. ඒ තාවකාලික පියවරක් ලෙස.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) යෝජනාව දෙස බලන්න. එහි සඳහන් වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙනවිත්  පසුව විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කියායි. ඊට  නමුත් එය මාස 15 ක් පමණ ගතවනු ඇතැයි එය කියනවා. නමුත් මාස 15 ක්  අවශ්‍ය නැහැ. මාස තුනක් පමණ ඇති.

“ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා ආරම්භ කරන බව ප්‍රකාශ කළා. නමුත් දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කතා කරන්නේ නැහැ.”

මගේ දැක්මට අනුව, මෙම 19 වැනි සංශෝධනය අනුව විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම කිසි විටෙකත් සිදු නොවන එකක්. 2015 දී එය සිදුවුනේ,  මුලින් මම කී පරිදි  හත් මාලුවක් විදිහට. එම 19 වැනි සංශෝධනය යළි ගෙන ඒම ගැටලුවක්.

විජයදාස රාජපක්ෂගේ කෙටුම්පත නරකයි, මන්ද එය 19 වැනි සංශෝධනයවත් නොවන නිසා. එය 19 වැනි සංශෝධනයට වඩා බෙහෙවින් අඩුයි. එහි ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරීමට හැකි විධිවිධානයක් තියෙනවා. එය ජනාධිපතිවරයාගේ විධායක බලතල සම්බන්ධ තීරණාත්මක ප්‍රශ්නයක්.

තුන්වරක් දියාරු කළ 19 වැනි සංශෝධනයෙන් පවා ජනාධිපතිවරයාට ඇමැතිකම් දැරීමට  ඉඩ තිබුණේ නැහැ. ව්‍යතිරේකයක් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ධුර කාලය සඳහා පමණයි. ඒ නිසා මෛත‍්‍රීපාල සිරිසේන නැවත තේරී පත් වූනා නම් ජනාධිපතිවරයා වශයෙන් ඔහුට ආරක්‍ෂක අමාත්‍යාංශයක්වත් දරන්න බැහැ. මේ ගෙනෙන සංසෝධනයෙන් ජනාධිපතිවරයාට ඕනෑම ඇමැතිකමක් දැරීමට පුලුවන්.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ජනමත විචාරණයකින් තොරව සිදුවන්න පුලුවන්ද?

මගේ මතය අනුව ජනමත විචාරණයකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ නොහැකි බවයි.  ජනමත විචාරණයක් පැවැත්වීමට මෙය කදිම අවස්ථාවක් බව මා සිතනවා. විධායක ජනාධිපති ක‍්‍රමය ගැන ජනමත විචාරණයක් මේ මොහොතේ ජනතාවගේ තීරණය ඉදිරිපත් කළ හොත් එය අහෝසි කිරීමට ජනතාව තෝරා ගනීවි.

මේ අර්බුද මධ්‍යයේ ජනමත විචාරණයක් පැවැත්වීමේ හැකියාවක් බව ඔබ දකිනවාද? සිදුවෙමින් පවතින අනෙක් සියල්ල සමඟ, අපට ජනමත විචාරණයක් පැවැත්වීමට හැකිද?

හොඳයි,  කවදා හෝ මැතිවරණයක් පැවැත්වීමට වෙනවා. දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මැතිවරණයක් අවශ්‍යයි.

මිනිසුන්ගේ ලොකුම ඉල්ලීම කුමක්ද? ‘ගෝටා ගෙදර යන්න’. මෙහි කරුණු දෙකක් තිබෙනවා: ඔවුන් කියන්නේ ‘මේ විධායක ජනාධිපතිවරයා අපට එපා’ කියළයි.  වත්මන් ජනාධිපතිවරයා යා යුතුය, නැතහොත් ඔහුගේ බලතල ඉවත් කළ යුතුය, එ් දෙකෙන් එකක්. ඒ වගේම ‘ගෝඨා ගෙදර යන්න’ කියලා කියන ජනයාට විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව ඡන්දය දෙන්න කියලා  කියනකොට 70% ක් අහෝසි කිරීමට ඡන්දය දේවි.

ජනාධිපතිතුමාට ජනවරම නැතිවෙලා. ඒ නිසා තමයි ජනතාව මෙහෙම කියන්නේ. දැන්, මගේ මතය අනුව, පැහැදිලිවම පාර්ලිමේන්තුවේ ජනවරම අහිමි වී වෙලා. එබැවින් අප මැතිවරණයක් පැවැත්විය යුතුයි. රට ස්ථාවර කිරීමට නම් කඩිනම් සහ හදිසි මැතිවරණයක් අවශ්‍යයි. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ මැතිවරණය සහ ජනමත විචාරණය එකම දිනයක පැවැත්විය යුතුයි. ඡන්දදායකයාට ජන්දය ප්‍රකාශ කිරීමට යාමට සිදුවන්නේ එක් වරක් පමණිග අපට ඒ ආකාරයෙන් වියදම් කපා හරින්න පුලුවන්.

ආර්ථික ස්ථාවරත්වයට ඉතා අවශ්‍ය රට ස්ථාවර කිරීමට මැතිවරණ පැවැත්වීමට ප්‍රදානයක් පවා ඉල්ලා සිටීමිට පුලුවන්. එය අවශ්යතාවයක්. එය නොමැතිව කිසිවක් සිදු වෙන්නේ නැහැ. මැතිවරණ සම්බන්ධයෙන් මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්ද මගේ අදහස එයයි.

විධායක ජනාධිපති ක්‍රමයේ සමහර ප්‍රධාන බලතල කප්පාදු කර, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ස්ථාවරයට නැවත පැමිණීමත්, ආර්ථිකය ස්ථාවර වන තුරු එම ප්‍රවේශය දිගටම කරගෙන යාමත් සමඟ යම් මැද මාවතකට එළඹීමක් ඔබ දකිනවාද?

මා කලින් කී සියල්ල නිසා 19 වැනි සංශෝධනය අසාර්ථකයි.

ඉතින් දැන් මොකද වෙන්නේ? වත්මන් තත්වය තුළ, හැමදෙනාම අනම්‍ය නම්, ලබා දීමට යන්නේ කුමක්ද?

රටේ මෙම වෙනස්කම් සිදු වන්නේ කෙසේද? මහජන පීඩනය නිසයි. එබැවින් 19 වැනි සංශෝධනයවත් නොවන මේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කතාව ඇත්ත වශයෙන්ම ජනතාවට පෙන්වන්නට උත්සාහ කරන්නේ සැබෑ වෙනසක් නොකර  ජනාධිපතිවරයාට විධායක බලතල ලබා දීමක් බව මහජනතාවට කිව යුතුයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පවා ඔහුට කළ නොහැකි වූ අමාත්‍යාංශ ද දැරීමට ඔහුට හැකියි.  නමුත් යම් ව්‍යාජ මවාපෑමක් පෙන්වනවා.

එතකොට ආණ්ඩුවේ අවංකභාවයක් නැද්ද?

කොහෙත්ම නැහැ.

එසේ නම් දෙමළ ජාතික සන්ධානය සහ විපක්ෂය ඒ සම්බන්ධයෙන් කුමක් කරන්න යන්නේ?

විපක්ෂය මේක ජනතාව අතරට ගෙනියන්න ඕන. ආචාර්ය විජයදාස රාජපක්ෂගේ කෙටුම්පත අපට ලැබුණේ මැයි 25 දා. මේක ජනතාවට කරන වංචාවක්, ඇත්තටම වෙනසක් නැති බව ජනතාවට කියන්නට සිදුවේවි. යම් වෙනසක්  තියෙනවා. ස්වාධීන ආයතන නැවත පණ ගැන්වීම සහ අදාළ දේ. නමුත් ජනාධිපතිවරයාගේ විධායක බලතලවල  වෙනසක් නැහැ. මේ මෙම සංසෝධනයේ  තීරණාත්මක කොටසක්.

ජනතාවට අවශ්‍යයි ජනාධිපති යන එක. පොදු සටන් පාඨය එයයි. ඔය සටන් පාඨය අස්සේ එක අදහසක් තමයි ධූරය දරන කෙනා යා යුතුයි කියන එක. නමුත් මම හිතන්නේ ඊට වඩා බොහෝ දුරට අසීමිත විධායක බලතල යා යුතුයි කියන එකත් එහි තුළ තියෙනවා කියළයි.

ඒකයි ඒ ගැන හොයල බලපු නීතීඥ සංගමය කියන්නේ ‘හරි ඒක අදියර දෙකකින් කරන්න පුළුවන් – ඉස්සෙල්ල 19 ගේන්න. පස්සේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න’ කියලෙ. නමුත් විධායක ජනාධිපති ක්‍රමය  අහෝසි කරන එක ගැන දැන් කතාවක් නෑ.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා ආරම්භ කරන බව ප්‍රකාශ කළා. නමුත් දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කතා කරන්නේ නැහැ.

පාර්ලිමේන්තුව එහෙමම තියෙනවා.  ආණ්ඩුව පැත්තේ හිටපු අයම ඇමැතිවරු වෙලා. එගොඩට ගිය අයත් ආපහු ගිහින් ඇමැතිවරු වෙලා. ඔවුන් නැවතත් 19 වැනි සංශෝධනයට යන බව කියනවා. නමුත් එයවත් සම්පූර්ණයෙන් කරන්නේ නැහැ.

මේ උද්ඝෝෂණය කුමක් ගැනද? ‘ජනාධිපති ගෙදර යන්න’ කියමින් දින 50ක් තිස්සේ ජනතාව උද්ඝෝෂණ කළත් ඔවුන් කරන්නේ යම් යම් හැඩ වැඩ ගැන්වීම් පමණක් කරමින් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු වූ බව ජනතාවට පෙන්වීමටයි.

එතකොට ආණ්ඩුවේ අවංකභාවයක් නැද්ද?

කොහෙත්ම නැහැ.

(ද මොර්නිං පුවත් පතෙහි මැයි 29 දින ඉංග්‍රිසි බසින් පළ වූ 19A is a failure, 21A is worse: TNA MP M.A. Sumanthiran   නම් ලිපියේ  පරිවර්තනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.)

Archive

Latest news

Related news