Thursday, April 18, 2024

යූඇන්පී නායකයකු වන දයා ගමගේ බැංකුවට නොගෙවූ බියලන 3ක මුදල ගැන මුදල් ඇමැති/අගමැති නිහඩයි!

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන ව්‍යාපාරික දයා ගමගේ ලංකා බැංකුවට නොගෙවා ඇති රුපියල් බිලයන තුනකට ආසන්න ණය මුදල ගැන මුදල් ඇමැති සහ දයා ගමගේ ගේ දේශපාගන නායකයා වන රනිල් වික්‍රමසිංහ දෙමුඛයම වසා ගෙන සිටීම මුල්‍ය අංශ වල විමතියට හේතු වී තිබේ.

මෙම ණය මහජන බැංකුව විසින් හදුන්වා ඇත්තේ අක්‍රීව ණය ලෙසිනි.

 

රටෙහි සාමාන්‍ය පුද්ගයකු ණයක් නොගෙවා සිටිය හොත් මහජන බැංකුව වහා ක්‍රියාත්මක වී එම ණයට අත්සන් කළ ඇපතරුවන් පසුපස ලුහු බැදීම පටන් ගනී.

දයා ගමගේට පමනක් නොව රනිල් වික්‍රමසිංහ ගේ සමීප ව්‍යාපාරිකයකු වන අර්ජුන් ඇලෝසියස් (මහ බැංකු බැදුම්කර මගඩියේ ප්‍රධානියා වන අධිකරණයට නොපැමිණ සැඟවී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනාය) ද ඊට වඩා වැඩි මුදලක් මහජන බැංකුවට නොගෙවා හැර තිබේ. එජාප ප්‍රබලයකු වන රවි කරුනානායකට නොමිලයේ පෙන්ට් හවුස් නමින් හැදින්වේන සුඛොපභෝගී නිවසක් දී තිබුණේ ද මේ අර්ජුන් ඇලෝසියස්ය.

රනිල් වික්‍රමසිංහ විසින් යෝග්‍යතම පුද්ගලයා යැයි නම් කොට තමන් යටතේ වූ මධ්‍යම බැංකුවේ අධිපති ධූරයට පත් කරන ලද අර්ජුන් මහේන්ද්‍රන් දැන් ශ්‍රී ලංකාවට නොපැමිණ සැඟවී සිටින්නේ සිංගප්පූරුවේය. ඔහු සිංගප්පූරු ජාකියකු වන අතර එරට ආණෟඩ්ව ඔහු ලංකාවට බාර දීම ප්‍රතික්ෂේප කරයි.

මල්‍ය අංශ විසමා සිටින්නේ රනිල් වික්‍රමසිංහ විසින් එම සැඟවී සිටින සිය මිත්‍රයා ආපසු ලංකාවට ගෙනැවිත් අධීකරණයට ඉදිරිපත් කරන්නේ කවදාද යන්නයි.

පාරදෟශය ආණ්ඩ්වක් පවත්වා ගෙන යන බවට වික්‍රමසංහගේ කතා කටින් බතල කෙළ සිටුවීීමක් පමණක් බවට තවත් උදාහරණ අවශ්‍ය නැතැයි ද එම පිරිස්ම ප්‍රකාශ කරති.

 

Archive

Latest news

Related news