Saturday, April 20, 2024

රනිල්-ගෝටා ගේන 21වන සංසෝධනය කොලේ වහලා ගැහිල්ලක්

ඊයේ අමාත්‍ය  මණ්ඩලයට සලකා බැලීම සඳහා ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත බූරු ගැසීමේ අති දක්ෂයින්ගේ කොලේ වහලා ගැසීමක් බව බැලූ බැල්මට පෙනෙන්ට තිබේ.

නව සංශෝධනයට අනුව අමාත්‍යාංශ දැරීමේ බලය, විෂයයන් තමන්ට පවරා ගැනීම, තමන්ට අවශ්‍ය අය ලේකම්වරුන් ලෙස පත් කිරීම, පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවා හැරීම සහ ඕනෑම කෙනෙකුට සමාව දීම සඳහා අසීමිත බලතල ඇතුළු ඔහුගේ බලතල බොහොමයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  යටතේම තබා ගැනීමට ඉඩදීමට රනිල් වික්‍රමසිංහ එකඟ වී තිබේ.

ගෝටා ගෙදර පල යනුවෙන් මෙරට තරුණ ජනයා දියත් කළ සහ බහුතර ජන සහාය දිනාගත් විරෝධතා ව්‍යාපාරයේ මුවාවෙන් අගමැති තම ඇමැතිකම් ලබා ගත් සියලු දෙනා මෙමගින් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට අවශය පරිදි නැටවිය හැකි ආණ්ඩුවක් නිරිමානය කිරීමට සහය දීමය.

මෙම සංසෝධන කෙටුම්පත ඊයේ තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකරන්නේ නම් ඇමැති කමින් ඉවත් වන බවට වැල් බයිලාවක් ගැසූ හරීන් ප්‍රනාන්දු මෙම දුර්වලතා ගැන කිසිවක් කියා නැත.

මෙම සංසෝධනය යටතේ පිහිටුවන ව්‍යවස්ථා මණ්ඩලය බලයේ සිටින පක්ෂයට අවශ්‍ය පරිදි හැසිරවිය හැකි එකකි. එහි සංයුතිය අනුව සිවිල් සමාජයෙන් පත් කැරෙන්නේ තිදෙනෙකු පමණක් වන අතර එය වෙනස් කොට පතු කැරෙන පාර්ලිමේන්තු මංත්‍රීවරුන් ගණන පහ දක්වා අඩුකොට සිවිල් සමාජ සාමජික සාමාජිකා සංයුතිය 05 ක් දක්වා වැඩි කරන ලෙස නීතිඥ සංගමය ඉල්ලා සිට තිබේ.

සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත ඉංග්‍රසි බසින් ලිපියක් යොමු කර තිබේ.

Image

 

Image

Archive

Latest news

Related news