Friday, April 19, 2024

විජේදාසගේ පුතා කපුටාට (බැසිල්ට) ප්‍රභකරන්ට වඩා දරුණූ මරණයක් ප්‍රාර්ථනා කරයි! 

කපුටු හෙනය වනයක් වන ලකුණු. ප‍්‍රභාකරන්ට වඩා හෙනයක්. ඌට නොදෙවනි අවසානයක් අත්වේවා’ යැයි යන ඉහත සඳහන් සහෙන තබා ඇත්තේ ගෝටා- රනිල් ආණ්ඩුවේ ප්‍රබලයකු වන අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ පුතාය.

මෙහි කපුටා යැයි සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ බව තේරුම් ගැනීම දුෂ්කර නැත.

කපුටා යනුවෙන් මෙහි හඳුන් වන්නේ පොදු ජන පෙරමුණේ සුක්කානම්කරුවා වන බැසිල් රාජපක්ෂය.

රඛිත රාජපක්ෂ විජේදාස රාජපක්ෂගේ දේශපාලන කසකරුවාය.

ඔහු මෙම සටහන තබා ඇත්තේ සිය පේස් බුක් පිටුවේය.

මෙම සටහනින් පෙන්නුම් කැරෙන්නේ රනිල්- විජේදාස ව්‍යවස්ථා යෝජනා බැසිල් රාජපක්ෂ හමුවේ පරාජය වෙමින් ඇති බවයි.

රඛිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂට ප්‍රභාකරන්ට වඩා දරුණූ මරණයක් ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වූ යෝජනාව  පොහොට්ටු  මංත්‍රී කණ්ඩායම විසින් අකුළවන ලදී.

දැන් ගෝටා කියන්නේ එය නීතිපති දෙපාර්ථමේන්තුවට යවා ඉන් පසු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි..

මේ අතර සජබ ප්‍රබලයකු වන හර්ෂ ද සිල්වා කියන්නේ බැසිල් විසින් මෙහෙයවනු ලබන පොදු ජන පෙරමුණෞ මංත්‍රී කණ්ඩයෙම 19 වන සංසෝධනය 21වන සංසෝධනය ලෙස ගෙන ඒමට ඉඩ නොදෙනු ඇති බවයි.

ජනාධිපතිවරයාගේ බලතල එජාප නායක වික්‍රමසිංහට පැවරිමට පොද් ජන පෙරමුණ එකවනු ඇතැයි සිතීම මේ යුගයේ ලොකුම විහිළුව විමට ඉඩ තිබේ.

 

Archive

Latest news

Related news