Wednesday, April 24, 2024

දේශපාලන විචාරක යූ ටියුබ්කරු දර්ශන හදුන්ගොඩ අත්අඩංඟුවට?

ආන්දෝලනාත්මක සමාජ දේශපාලන සිදුවීම් පිළිබඳ ගවේශනාත්මක යූ ටියුබ් චැනලයක් පවත්වා ගෙන යන මාධ්‍යවේදී දර්ශන හදුන්ගොඩ අත්අඩංගුවට ගැනීමේ සැළසුමක් ඇතැයි ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත වාර්තාවේ.

හෙට එනම් මැයි 25දා පෙරවරු 10ට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට දන්වා තිබේ. ආරංචි මාර්ග දක්වන්නේ එම අවස්ථාවෙහිදී ඔහු අත්අඩංඟුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ගෝටා ගෙදර පළ විරෝධතා ව්‍යාපාරයට සහාය දක්නමින් ඔහු විසින් ඉදරිපත් කරන ලද විචාරාත්මක වැඩ සටහන් සහ රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කල ප්‍රහාරක වැඩ සටහන් ඔහු අත්අඩංඟුවට ගැනීමට හේතු විය හැකි යැයි දැන ගන්නට තිබේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිකමට පත් කර ගත් රාජපක්ෂවරු ඒ හයිය උඩ යළි අලු ගසා දමමින් නැගිී සිටීමට දරන උත්සාහයේ කොටසක් ලෙස පසු ගිය දින කිහිපය පුරා  මාධ්‍යවේදීන් සහ විරෝධතාකරුවන් සහ විරෝධතාකරියන් මර්දනය කිරීම අරඹා තිබේ.

ප්‍රදේශීය ගෝටා ගෝ ව්‍යාපාරයෙහි යෙදි සිටි සිය ගණනාවක් දැනටමත් අත්අඩංඟුවට ගෙන ඇති ගෝටා-රනිල් ආණ්ඩුව පසුගිය 09දා ප්‍රහාරයන්හි මූලිකයා වු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දෙවැනියා ලෙස අනුගාමිකයින් තුපිත කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු තවම අත්අඩංඟුවට ගෙන නැත.

දර්ශන හදුන්ගොඩ අත්අඩංගුවට ගැනීම සිදුවුවහොත් එය විවේචනාත්මක මාධ්‍ය භාවිතාවට දරුණු පහරක් වනු ඇතැයි වාර්තාවේ.

(ශ්‍රී ලකා බ්‍රීෆ්)

 

 

Archive

Latest news

Related news