Friday, April 26, 2024

අරගලයට ද්‍රෝහී වූ රනිල් වික්‍රමසිංහ යන්න ගිය ගෝටා ගලවා ගත් හැටි සන්ඩේ ටයිම්ස් හෙළි කරයි!

ගෝටාගෝහෝම් නමින් මෙරට තරුණ ජනයා විසින් දියත් කරන ලදුව  බහුතර ජනතාව විසින් වැළඳ ගන්නා ලද අවිහිංසාවාදී  ආදරයේ අරගලය හමුවේ සිය ධුරයෙන් සමු ගැනීමට සූදානම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ, එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් රැක ගත් අන්දම. මෙරට ප්‍රධානතම ඉංග්‍රිසි සති අන්ත පුවත්පත වන සන්ඩේ ටයිම්ස් විසින් හෙළී කර කර තිබේ.

එය මෙසේ කියයි:

“එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට දින කිහිපයකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ප්‍රසිද්ධියට පත් කිරීමට සලකා බලමින් සිටියේය. ඒ, එක්කෝ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම හෝ  එවැන්නකට සහාය දීම  මගින්  ජනතාවට අවශ්‍ය ආකාරයේ පාලනයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ජනමත විචාරණයක් පවත්වන දිනයක් නියම කිරීමෙනි. මේ සඳහා ඔහු නීතිමය හා දේශපාලන බුද්ධි අංශ කිහිපයක උපදෙස් ලබා ගත්තේය.

කෙසේ වෙතත්, කිසිදු කොන්දේසියකින් තොරව අගමැතිකම භාරගැනීමෙන්, විධායක ජනාධිපති ලෙස සිටිය හැකි අන්තර්වාර ආණ්ඩුවක ක්‍රියාවලිය පිටුපස සැඟවී සිටීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හුස්ම ගැනීමේ අවකාශය ලබා දී ඇත.”

(Ranil to the rescue

Just days before he swore in United National Party (UNP) leader Ranil Wickremesinghe as Prime Minister, President Gotabaya Rajapaksa was considering going public with a proposal to abolish the executive presidency. This was by either introducing or supporting a bill in Parliament and committing to a date by when he will conduct a referendum to give the people an opportunity to choose the type of governance they want. Towards this end, he did consult several legal and political brains.

However, by accepting the Premiership without any conditions, Wickremesinghe has given the breathing space for the President to potentially hide behind the process of an interim government where he could remain executive president.)

සන්ඩේ ටයිම්ස් 22.05.2022

මෙම පාවාදීම පිළිබඳ ප්‍රථමයෙන්ම දේශපාලන මතයක් ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන අන්තර් ජාතික ජාලය විසිනි.

එය මෙසේ කීවේය,

ජන අරගලයට බියෙන් රාජපක්ෂවරුන් යුද සහ නාවික හමුදා කඳවුරුවල සැඟවී, ආණ්ඩුවක් පත් කර ගැනීමට නොහැකිව නන්නත්තාර වී සිටි අවස්ථාවෙහි රාජපක්ෂවරුන් බේරා ගැනීම පිණිස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් අගමැතිකම බාර ගැනීම මෙරට ඉතිහාසයෙහි මහා දේශපාලන පාවා දීමක් ලෙස සටහන් වනු නොඅනුමානය.

තරුණ ජනයාගේ නායකත්වයෙන් යුත් ජන අරගලය සමඟ එක්වූ වෘත්තීය සමිති මහා වැඩ වර්ජනයක කැඳවා තිබූ එම අරගල ගාමකත්වය තව දින කිහිපයක් පැවැතියේ නම් ගෝටාභය රාජපක්ෂට ඉල්ලා අස්වීම හැර අන් විකල්පයක් ඉතිරිව තිබුණේ නැත.

සම්පූර්ණ ප්‍රකාශය මෙහි කියවිය හැක.

ජන අරගලය පවා දීමට ඉඩ නොදෙමු! ගෝටා ගෙදර යවමු! ශිෂ්ඨාචාරවත් රටක් හදමු! – ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අන්තර් ජාතික ජාලය

 

Archive

Latest news

Related news