Saturday, April 20, 2024

මහජන ආරක්ෂක ලේකම් ජෙනරල් ජගත් අල්විස් අගවිනිසුරුට යැවූ අනතුරු හැඟවීමේ ලිපිය ගැන නීතිඥ සංගමය පරීක්ෂනයක් ඉල්ලයි! නීතිපති යට ගහයි!

ඡායාරූපය: ජෙනරල් ජගත් අල්විස් යුද අපරාධ චෝදනා ලබා ඇති අයෙකි.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් විරෝධතාවලට අදාළව විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් අධිකරණයේ කටයුතුවලට ඇඟිලි ගැසීමට උත්සාහ කළේද යන්න පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් අගවිනිසුරුවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

අගවිනිසුරුවරයාට   යැවූ ලිපිය මගින් රට පුරා පවතින විරෝධතා හමුවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී පොලිසිය මුහුණ දෙන අභියෝග සහ බාධාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා අවස්තාවක් ඉල්ලා සිටි ඇත.

සම්පුර්ණයෙන්ම අනවශ්‍ය ලිපියක් එවීම සම්බන්ධයෙන් එම නිලධාරියාට දැඩි ලෙස අවවාද කරන ලෙස උපදෙස් සහිතව අගවිනිසුරුවරයා එම ලිපිය නීතිපතිවරයා වෙත යොමු කර කරන ලදී.

එසේ නමුත් ජෙනරල් ජගත් අල්විස් සහ ඔහුගේ ඇමැතිවරයා වූ සරත් වීරසේකර යටතේ  පොලිසියට එරෙහිව මහ ජනතාවගේ දැඩි කලකිරීමක් ඇතිවීමට හේතුව පසුගිය කාල සීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම බව පසුගිය දා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න  ලිපියක් මගින් පෙන්වා දී තිබුණේ එම දිනවලදීමය.

ගෝටා ගෝ ගමට පුහරාය පිනිස පැමිණෙමින් සිටි රාජපක්ෂ මරයින් නතර නොකරන ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට දන්වන ලද්දේ ද මෙම ජෙනරල් ජගත් අල්විස් බව මාධ්‍ය වාර්තා කළේය.

එසේ තිබියදී මැයි 09 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රචණ්ඩත්වයට, විරෝධතා වැළැක්වීමට නියෝග නොදුන් පහළ අධිකරණ විනිසුරුවරුන් වගකිව යුතු බවට ජගත් අල්විස් ලේකම්වරයා චෝදනා කර  තිබේ.

නීතිඥ සංගමය විසින් යවන ලද ලිපිය පෙන්වා  දෙන්නේ   විරෝධතා අදාළ නඩු සම්බන්ධයෙන් ජගත් අල්විස් අධිකරණයේ කටයුතුවලට ඇඟිලි ගැසීමට උත්සාහ කර ඇති බවට පළ වූ වාර්තා සත්‍ය නම් එය අධිකරණයට කරන ලද අපහාසයක් ලෙස සැළකිය යුතු බවයි.

ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට සහ නීති වෘත්තියේ සාමාජිකයින්ට අසත්‍ය චෝදනා කරමින් අධිකරණය සහ නීතිඥ මණ්ඩලය අපකීර්තියට පත් කිරීමට උනන්දුවක් දක්වන ඇතැම් පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ උත්සාහයක් පවතින බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉංග්‍රිසි බසින් ප්‍රසිද්ධ කරන ලද එම  ලිපියේ සඳහන් කර තිබේ.

වෙනත් සමාජ මාධ්‍යක් ප්‍රකාශ කර ඇත්තේ ජෙනරල් ජගත් අල්විස්ගේ ලිපිය අධිකරණ අපහාසයක් විය හැකි බව දන්වා නීතිපති සංජය රාජරත්නම් විසින් ඔහු බේරා ගැනීම පිනිස වහාම ක්‍රියාත්මක වී ඇති බවයි.

අගවිනිසුරුවරයා විසින් ගත යුතු ක්‍රියාමාර්ග සඳහා එම ලිපිය නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු මෙම සමාව අයැදීම සිදු වී තිබේ.

මේජර් ජනරාල් (විශ්‍රාමික) අල්විස් මහතාට තම අධිකාරිය ඉක්මවා ගොස් කෙළින්ම අගවිනිසුරුවරයාට ලිඛිතව ලිවීම සම්බන්ධයෙන් නීතිපති සංජය රාජරත්නම් මහතා දැඩි ලෙස අවවාද කර තිබේ.

ඒ අනුව නීතිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට තම අධිකාරිය ඉක්මවා නොයන ලෙසට පළමු සහ අවසන් අවවාදය ලබාදී ඇත.

නීතිපතිවරයාගේ අනතුරු ඇඟවීමෙන් පසු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අල්විස් නැවතත් අගවිනිසුරු වෙත ලිපියක් යවමින් කියා සිටියේ එම ලිපිය නීතිපතිවරයාට අවශ්‍ය වූවක් බවත් එය වැරදීමකින් අගවිනිසුරුවරයා වෙත ලබා දී ඇති බවත්ය. ඔහු සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබූ අතර අතපසුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටි ඇත.

රාජපක්ෂ බත්බැලයකු ලෙස චෝදනා ලබා ඇති නීතිපති සංජය රාජරත්නම් නීතිඥ සංගමයේ ලිපියට  මේ තාක් පිළිතුරක් ලබා දී නැත.

 

Archive

Latest news

Related news