Tuesday, July 16, 2024

මිරිහානේ බසයට ගිනී තැබූ පුද්ගලයා අරලිය ගහ මැදුරේ සිට ගෝටා ගෝ ගමට ප්‍රහාරයට ඇවිත්!

ඡායාරූපය: අරලිය ගහ මන්දිිරයේ සිට පොල්ලකින් සන්නද්ධව පැමිණි අශාන්ත නාලක හෙවත් සතා නාලක.

පසුගිය දා මිරිහාන ජනාධිපති නිල නිවස ඉදිරිපිට බසර් රථයට ගිනිතැබූ බවට හඳුනාගෙන ඇති, අරලියගහ මැදුරේ සිට පැමිණ ගාලු මුවදොර අරගල භූමිට කඩා වැදී එල්ල කළ මැර ප්‍රහාරයට සම්බන්ධ පොහොට්ටු සාමාජිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පාතාල කල්ලි හා සම්බන්ධකම් පවත්වන බවට අනාවරණය වී ඇති, පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් බව පැවසෙන අශාන්ත නාලක හෙවත් සතා නාලක නැමැත්තා බව පැවසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 09 වැනිදා ගාලුමුවදොර අරගල කරුවෙකුගේ හිසට යකඩ පොල්ලකින් පහර දී මාරාන්තික තුවාල සිදුකිරීමේ අපරාධයටය.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ සැඟවී සිටියදී ය.

එමෙන්ම පසුගියදා පාර්ලිමේන්තුව අසළදී පැවති විරෝධතාවයක් අතරතුර ඔහු එම ස්ථානයටද පැමිණ විරෝධතාකරුවන්ට එරෙහිව මත ප්‍රකාශකරනු දක්නට ලැබුණී.

( ලංකා ට්රුත්)

එම පුද්ගලයා අත් අඩංඟුවට ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ පොලිස් නිවේදනය ඉහත කී තොරතුරු වසං කර තිබේ.

 

 

 

 

Archive

Latest news

Related news