Friday, May 17, 2024

ගෝටා- බැසිල්, සිය අගමැති වික්‍රමසිංහ පුකෙන් යවයි!

ජායාරූපය: සිරිසේන-රනිල් ආණෟඩුව විසින් රැපියල් මිලියන 200ක් වංචා කරන ලදැයි අත්අඩංඟුවට ගෙන නඩු පවරණ ලද  සහ තමා බැසිල් වෙනුවෙන් එල්ටීඊයට මුදල් ලබා දුන් බව ප්‍රසිද්ධියේ පිළිගත්  ටිරන් අලස් දැන් ගෝටාගේ අගමැති ගේ අධිකරණ ඇමැතිය.

ගෝටාගේ අගමැති වික්‍රමසිංහගේ ඇමැති මණ්ඩලය පත් කිරීමේදී බැසිල්-ගෝටා හවුල පිං අගමැති පුකෙන් යවා තිබේ.

ඒ විශේෂයෙන්ම මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයා පත් කිරීමේදීය.

ගෝටාගේ අගමැති වික්‍රමසිංහගේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරන් අලස්ය.

ටිරන් අලස් සහ රනිල් වික්‍රමසිංහ අතර ඇත්තේ ජන්මාන්තර ගත වෛරයකි.

එය පටන් ගන්නේ ටිරන් අලස්ගේ පියා වූ ආර්.අයි.ටී. අලස් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විදුහල්පතිකමින් නෙරපන ලද්දේ අවකට අධ්‍යාපන ඇමැති වූ රනිල් වික්‍රමසිංහ විසින් නිසාය.

දෙවනුව 2005 වසරෙහිදී රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවීමට තිබූ අවස්ථාව ඒලටීටීඊයට මුදල් ගෙවා නැති කර දමන ලද්දේ රාජපක්ෂ සමඟ එක් වූ ටිරන් අලස් විසින් නිසාය.

තෙවනුව අද සජිත් ප්‍රේමදාසගේ මුල්‍ය සහායක සහ සමීපතම උපදේශකයා ලෙස කටයුතු කරන්නේ ටිරන් අලස් නිසාය.

එල්ටීටීඊ මුල්‍ය ප්‍රධානයකු වූ එමිල් කාන්තන් සමග එක්ව එල්ටීටීඊ සංවිධානයට රුපියල් මිලියන 200ක් ලබා දුන් බවට රනිල් – සිරිසේන යහපාලන ආණ්ඩුව සමයෙහි ටිරන් අලස්ට එරෙහිව නඩු පවරන ලදී. එම නඩුවට සිදුවූයේද නන්දා මාලිනී අරගල භුමියේදී ප්‍රතිරාව නැංවූ “ ඹක්කොම නිදොස් කොට නිදහස්” වීමය! ඒ ගෝටා බලයට පැමිණීමෙන් පසු නීතිපති වූ සංජය රාජරත්නම් එම නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බව ප්‍රකාශ කිරීමෙන් පසු 2020 ජූලි මාසයේදීය.

ගෝටා වික්‍රමසිංහට අගමැතිකම ලබා දුන්නේ නාස් ළණුව දැමීමෙන් පසුය. එම නාස් ළණුව නම් මහජන ආරක්ෂාව සහ අධිකරණ ඇමැති ධූරය තමන් විසින් පත් කරන බවයි.

යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමැති ලෙස සිටියදී ” මම ගෝඨාභය රාජපක්ෂ හිරේ යැවිමට කිසිසේතම ඉඩ දෙන්නේ නැත” යැයි කී විජේදාස රාජපක්ෂ දැන් ගෝටා-රනිල් ආණ්ඩුවේ ද අධිකරණ ඇමැතිය. මහා පරිමාණ වංචා දූෂන සම්බන්ධයෙන් චෝදනා ලද සොනාධිපති වෙනුවෙන් පෙනී සිටියේද මේ විජේදාසමය. දැන් වික්‍රමසිංහ, අධිකරණ ඇමැති ලෙස පත් විජේදාස රාජපක්ෂ සමඟ එක්ව වැඩ කරන්නේ කපන්න බැරි අත සිඹිමේ න්‍යාය අනුවය.

විජේදාස රාජපක්ෂ යනු වංචාකාර ජාවාරම්කරුවකු වන සේනාධිපතිගේ දකුණු අතය. සේනාධිපති ගෝටාගේ මුල්‍ය සහායකයාය.

එපමණක් නොවේ. ගෝටා ඇමැති මණ්ඩලයට පත්  කර ඇත්තේ කම්බ හොරු සෙට් එකකි.

ප්‍රසන්න රණතුංග යනු බැසිල් රාජපක්ෂගේ දේශපාලන තුවක්කුකරුවාය. දුරකථනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලු බවට යහපාලන සමයෙහි නඩු පැවැරැණ අයෙකි. එම නඩුව තවම අවසන් නැත.

 

වෙළද ඇමැති නලින් ප්‍රනාන්දු 2018 වසරෙහිදී සතොස සභාපතිව සිටියදී  දූෂන චෝදනාවලින් බේරීම පිනිස රහසිගතව රටින් පැන යාමට උත්සාහ කිරීමේදී අත් අඩංඟුවට ගන්නා ලද පුද්ගලයෙකි.  ඔහු ජොන්ස්ටන්ගේ අතවැසියකු ද වේ.

තමාගේ ගිනි තබන ලද නිවස කෞතුකාගාරයක් තරම් යැයි පුරසාරම් දොඩකන කෙහෙළිය තම නිල නිවසේ ලක්ෂ ගනනක විදුලි බිලවත්  ගෙවූ නැති වංචා කරුවෙකි. ඔස්ට්‍රේලියාවේදී කොටු පැනීමට ගොස් කකුළ කඩා ගෙන මහා වන්දියක් ලබා ගත්තේද ඔහුය.

නිමල් සිරිපාල ගැන කියා වැඩක් නැත. දේශපාලන බලය තම පුද්ගලික ආසාවන් සඳහා අනිසි ලෙස පාවිච්චි කිරීමේ සංකේතය නිමල් සිරිපාලය.

මෙම සියළු පත්වීම් මගින් ගෝටා වික්‍රමසිංහ පුකෙන් යවා තිබේ.

මේ ලැයිස්තුව දිගය. තවත් ඇමැතිවරු දුසිමක්ද රාජ්‍ය ඇමැතිවරු දුසිම් දෙකක් ද පත් කරන විට පුකෙන්වත් යෑමට බැරි වන්නට තිබේ!

ඔහුට ගෝඨා- බැසිල් වහල්භාවය හැර අන් සරණක් නැත.

සේ. පියවර්ධන

Archive

Latest news

Related news