Tuesday, July 16, 2024

ජාතික ආරක්ෂාවට මුවා වී බලයට පැමිණ ගෝටා – වීරසේකර දෙබාන පොලිසිය දේශපාලනීකරණය කළ හැටි ගණන් හිලව් ඇතිව මෙන්න! 

පොදු ජන පෙරමුණේ මංත්‍රීවරුන්ගේ නිවාස ආරක්ෂ කර නොදුන් බවට එල්ල වූ චෝදනා හමූයේ  පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින්  පොලිස් දෙපාර්තමේන්තුව මුහුණ දී සිටික දේශපාලන අත පෙවීම්වල තත්වය හෙළිදරව් කර තිබේ.

ගෝටා සහ පොලිස් ඇමැති වූ සරත් වීරසේකර බලයට පත් වූයේ ජාතික ආරක්ෂාව දඩමීමා කර ගෙනය. එම දෙදෙනා යටගේ පොලිසිය දේශපාලන බලල් අතක් බවට පත්ව තිබූ සැටි ඉන් හෙළීවේ.

එමෙන්ම මෙම ලිපිය මගින් පෙනෙන්නේ පොලිස්පති වික්‍රමරත්ව එම සියලු දේශපාලන අතපෙවීම් වලට පක්ෂව සිට ඇති බවයි.

මංත්‍රීවරුන්ගේ නිවාස ගිනි නොතබන ලද්දේ නම් තවමත් මෙම අනිසි බැලපෑම් ඔහු ඉවසා සිටින්නට තිබුණි.

‍මෙම  ලිපියට අනුව 21 .01.01 දින සිට 2021.10.31 දා තෙක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථානාධිපතිවරු පත්කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම් මෙන්ම පොලිස් නිලධාරින් විවිධ විශමාචාර ක්‍රියාවලට යෙදී සිටියදී අත්අඩංගුවට ගැනිම් සිදුව තිබේ.

එසේම ශ්‍රී ලංකා පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩිවීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමබන්ධතා පවත්වන පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීම, පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම වැනි කරුණුද මේ හරහා හෙළි කර තිබේ.

අදාළ කාලසීමාව තුළදී පොලිස් ස්ථානාධිපතිරුන් 184ක් පත්කර ඇතත් එයින් දෙදෙනෙක් හැරෙන්නට අනෙකුත් පත්කිරීම් නිසි ක්‍රම වේද අනුව සිදුව නොමැති බවත් ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.

මෙම ලිපියට අනුව අදාළ ස්ථානාධිපතිවරුන් අතරින් පුද්ගලයන් 126ක්ම ස්ථානාධිපතිවරුන් ලෙස පත්කිරිමට අදාළ සම්මුඛ පරීක්ෂණ සඳහාද එක්ව නොතිබූ අයය. එනම් දේශපාලන පත්වීම් ලද  නිලධාරීන්ය. එසේම සම්මුඛපරීක්ෂණවලදී පොලිස් ස්ථානාධිපතිධුරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් 03ක්ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර ඇත.

මෙම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ පොලිසිය දේශපාලනීයකරනය කිරීමේ අංශු මාතුයක් පමණක් බව තතු දත් අය කියති.

Archive

Latest news

Related news