Tuesday, April 16, 2024

ව්‍යුහාත්මක වෙනසක් සඳහා වන සාමූහික අරගලය, දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සහ අභිලාෂයන් සපුරාලිය යුතුය – උතුරු නැගෙනහිර රදගුරු මණ්ඩලය

ඡායාරූපය: 2009 දෙමළ ජනයාට යුද මුක්ත කලාපයෙන් කලාපයට යෑමට සිදුවූයේ මෙළෙසය.( ටිවිටර් ජායාරූපයකි)

දෙමළ ජනයා ඔවුන්ගේ මළවුන්  සිහිපත් කරන සහ උතුරු නැගෙනහිර ජනතාව මැයි 18 දෙමළ ජන සංහාරයේ දිනය ලෙස සමරන අද දිනය වෙනුවෙන් පුවත් පත් ප්‍රකාශයක් නිකුත් කරන   උතුරු-නැදෙනහිර රදගුරු මණ්ඩලය මෙසේ පවසයි:

උතුරු-නැගෙනහිර රදගුරු මණ්ඩලයේ සාමාජිකයින් වන අප, සාමකාමී විදරෝධතාකරුවන් වෙත මුදා හරින ලෙ රාජය අනුග්‍රහය මත සිදුවූ ප්‍රචණ්ඩත්වය, දැඩි ලෙස හෙළා දකින අතර ශ්‍රී ලංකාවේ පෙර නොවී විරූ විරූ මානුෂීය අර්බූදය ගැන දැඩි කණස්සල්ලට පත්ව සිටිමු.

ව්‍යුහාත්මක වෙනසක් සඳහා වන සාමූහික මොර ගැසීම, දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සහ අභිලාෂයන් සපුරාලිය යුතුය. බහුතරයකගේ පැවැත්මට තර්ජනයක් සෙ ‘අනෙකා’ ගොඩ නැගීම වෙනුවට ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් අතර පවතින වෙනස් අනන්‍යතාවයන් අගය කළ යුතුය.

දෙමළ ජනයා ඔවුන්ගේ මළවුන්    සිහිපත් කරන විට සිිංහල ජනතාව ඔවුන්දේ ජයග්‍රහණය සමරන බැවින්, මැයි මාසය, අප රදේ ජනතාවට පරස්පර විරෝධී හැඟීම් දෙන එයි. බුදුන් වහන්සේ  වදාළ  පරිදි, “ඉර, සඳු සහ සත්‍යය යථාර්තයන් තුන දිගු කලක් සැඟවිය නොහැක”.  අද ශ්‍රී ලංකාවේ  ආර්ථික-දේශපාලන  අර්බූදය සඳහා  විසදුම ප්‍රචණ්ඩත්වය විය
නොහැකි බව අපට අවබෝධ කර දී ඇති අතර    ගැටළුව සහා මුල් වන  හේතුව ආමණ්ත්‍රණය කිරීම අනිවාර්‍ය වන බව   පෙන්වා දෙයි.

උතුරු නැගෙනහිර ජනතාව මැයි 18 දෙමළ ජන සංහාරයේ දිනය ලෙස සමරනු ලබයි. විනාශයට පත් දෙමළ ජාතියේ පිරිසක් ලෙස, තම ආදරණියන්, අත්පා, දේ පල හා ඉඩම් අහිමි වුවන් සහ බහුවිධ අවතැන්වීම් වලට ලක් වූ බෙහෝ දෙනා සමඟ අපි ගැඹූරු හැඟීමෙන් යුතුව එක් වන්නෙමු. මුල්ලිවයික්කාල් කැද බෙදා ගැනීම, ආගමික සේවාවාන් සහ අනුස්මරණ වැඩසටහන් සංවිධානය කිරීම මෙම දිනය බොහෝ චිත්ත වේගයන් සමඟ සිහිපත් කිරීමේ පියවරයන් වෙති.

සතයය පිළිගැනීම පළමු පියවර වන අතර, ආරථික දේශපාලන අර්බුදයට හුදකලාව ප්‍රතිකාර කළ නොහැකි බැවින්, විසදුම් සීමට නම් ගැටුළුවේ මූල හේතුව විසඳීමට කැපවීම මුලික වේ. දේශපාලන ව්‍යුහය සහ වර්තමාන ආර්ථික යථාර්ථයන් අතර ඇති මූලික සම්බන්ධය අප පිළිගත යුතුය.

එබැවින්, මැයි 18 වන දින, රාජ්‍යය සහ එහි හමුදා යාන්ත්‍රණය විසින් සිදු කරන ලද ජන සංහාරයේදී , මියගිය අය සිහිපත් කරමින් ඔවුනට ගෞරව කරන ලෙස, අපි මනුෂ්‍යත්වයට ආදරය කරන හා ගරු කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

එම සම්පූර්ණ ප්‍රතාශය පීඩීඑෆ් ගොනුවක් ලෙස: උතුරු-නැගෙනහිර රදගුරු

Archive

Latest news

Related news