Friday, April 19, 2024

ගාලු මුවදොර පුරවැසි අරගලයේ පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන “ගාලුමුවදොරින් ඔබ්බට” පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය

පුර්විකාව

ගෞරවනීය පුරවැසි අරගලකරුවනි,

අප මේ ගත කරමින් සිටින්නේ ඓතිහාසික නිමේෂයකි. මේ නිමේෂය තුළ අප සැවොම අපේ පරම්පරාවන්ගේ අනාගතය සහ නූපන් මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කරන, ජනතාවාදී ජන රජයක් පිළිබඳව සිහිනය හදවගේ ගැඹුරු ම තැන්හි තබාගෙන වීදී බැස සිටිමු. අප දියත් කරමින් සිටින්නේ අවිහිිංසාව, ආදරය, ධෛර්යය සහ සටන්කාමීත්වය මත පදනම් වූ අරගලයකි. එම අරගලගේ මූලික අරමුණ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමයේ අදූරදර්ශී පාලනය අවසන් කර නව සමාජ සම්මුතියක් බිහිකර ගැනීමයි. එකී අරමුණ වෙනුවෙන් ජාති, ආගම්, කුල, ගෝත්‍ර සහ පක්ෂ පාට බේදයෙන් තොරව සමස්ත ශ්‍රී ලාංකීය පුරවැසියන් එක් සිත්ව ඒකාත්මික වෙමින් සිටිනු දක්නට ලැබෙයි.

 

 

Archive

Latest news

Related news