Friday, April 26, 2024

ප්‍රචන්ඩත්වය පැතිරීම වළක්වා ප්‍රශ්ණ විසදීම සඳහා අර්ථවත් සංවාදයකට පිවිසෙන්න. – මිෂෙල් බෂලේ ලංකාණ්ඩුවට කියයි

ඡායාරූපය: රාජපක්ෂ විසින් උසිගන්වන ලද මැරයකු ගෝටා ගෝ ගමෙහි දී පූජකවරයකුට පහර දෙන අයුරු.

ජිනීවා (10 මැයි 2022) – තවදුරටත් ප්‍රචණ්ඩත්වය පැතිරීම වැලැක්වන ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් අද අගහරුවාදා ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැෂලේ, රට තුළ පවතින

දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි විසඳීම සඳහා සංයමයෙන් හා අර්ථවත් සංවාදයක් ඇති කරන ලෙස ඉල්ලා සිටියේය. .

PACIFIC ALLIANCE SUMMIT

“මැයි 9 වෙනිදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් පහර දීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ පසුව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව ඇති වූ මැර ප්‍රචණ්ඩත්වය පිළිබඳව මම දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමි,” බෂලේ පැවසීය.

මෙම සිදුවීම් වලදී පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ප්‍රාදේශීය නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 250 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර තවත් අයගේ දේපළ රට පුරා ගිනි තබා විනාශ කර ඇත.

“මම සියලු ප්‍රචණ්ඩත්වයන් හෙළා දකින අතර සිදුවී ඇති සියලුම ප්‍රහාර ස්වාධීනව, තරයේ සහ විනිවිදභාවයෙන් විමර්ශනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. ප්‍රචණ්ඩත්වය උසිගන්වන හෝ සංවිධානය කරන අය ඇතුළුව වගකිව යුතු අය ඒවා වගවීම සහතික කිරීම ඉතා වැදගත් වේ.”

තවදුරටත් ප්‍රචණ්ඩත්වය වළක්වා සාමකාමීව රැස්වීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස ද මහ කොමසාරිස්වරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

“ආරක්ෂක හමුදාවන්ට සහය දැක්වීම සඳහා යොදවා ඇති හමුදා නිලධාරීන් ඇතුළු බලධාරීන්, තත්ත්වය පාලනය කිරීමේදී සංයමයකින් ක්‍රියා කළ යුතුය. හදිසි අවස්ථාවෙහි සන්දර්භය තුළ ගනු ලබන ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බවට සහතික විය යුතුය. විසම්මුතිය මැඩපැවැත්වීමට හෝ සාමකාමී විරෝධතාවලට බාධා කිරීමට හදිසි නීතිය භාවිතා නොකළ යුතු,” යැයි ඇය අවධාරණය කළාය.

ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කිරීමටත්,  පුද්ගලයන් හෝ ආයතන විසින් හෝ සිදු කරන ප්‍රචණ්ඩත්වයෙන් පුද්ගල ජීවිතයට ඇති අයිතිය ආරක්ෂා කිරීමට නිසි සැලකිල්ලක් දැක්වීමට රජයට වගකීමක් ඇත.

දරුණු ආර්ථික අර්බුදය විසින් බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතය අරගලයක් බවට පත් කර ඇත. එය විසින් ජාතික සංවාදයක් සහ ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවය ද ඉස්මතු කර ඇත, යැයි බෂලේ පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වීමට අයිතිය මෙන්ම වැඩි විනිවිදභාවයක්, වගවීමක් සහ සහභාගීත්වයක් ඉල්ලා සිටීම සඳහා මෙම තත්වය විසින් විවිධ ජනවාර්ගික සහ ආගම්වලට අයත් පුද්ගලයන් එක්කර තිබේ.

“මිනිසුන්, විශේෂයෙන් අවදානමට ලක් විය හැකි සහ ආන්තික කණ්ඩායම් මුහුණ දෙන සමාජ-ආර්ථික අභියෝග සඳහා ඉදිරි මාවතක් සොයා ගැනීමට සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා සමාජයේ සියලුම කොටස් සමඟ අර්ථවත් සංවාදයක නිරත වන ලෙස මම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමි. දිගු කලක් තිස්සේ වෙනස් කොට සැලකීම සහ මානව හිමිකම් ඛාදනයට හේතු වී ඇති මුල් බැස ගත්  පුළුල් දේශපාලන හා පද්ධතිමය හේතුන් විසඳන ලෙසද  මම රජයෙන් ඉල්ලා සිටිමි.

(ඉංග්‍රිසි බසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ සිංහල පරිවර්ථනය අපෙනි)

Archive

Latest news

Related news