Wednesday, July 17, 2024

නාහිමිවරු ප්‍රහාරය හෙළා දකිති: ප්‍රහාරයේ වගකිය යුත්තන්ට නිසි දඩුවම් දෙනු!

පටු දේශපාලන අරමණු පෙරදැරි කර ගනිමින් සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙලා දකිමු

රට තුළ උද්ගත ව ඇති සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයන්ට විසඳුම් ඉල්ලා සාමකාමි අරගලයක නිරත වූ මහජනතාව වෙත එල්ල කළ සහාසික ප්‍රහාරයන් ප්‍රජාතන්ත්‍රවාදයට මෙන් ම මනුෂ්‍යත්වයට ද නිගා දෙන්නකි. ඍජුව හා වක්‍රව මෙම නින්දිත ක්‍රියාමාර්ගය සඳහා අනුබල දුන් දේශපාලන නාකයන්ට ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන මහජන නියෝජිතයින් ලෙස රැඳී සිටීමට තවදුරටත් සදාචාරාත්මක අයිතියක් නැති බව අප  තරයේ විශ්වාස කරමු. රටේ සමස්ත මහජනයාගේ ජීවිත, දේපල මෙන් ම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද ආරක්‍ෂා කිරීමට රාජ්‍ය පාලකයා ව්‍යවස්ථාවෙන් බැඳී සිටියි.

බලලෝභී අවිචාරවත් දේශපාලන න්‍යායපත්‍රයන් පෙරදැරි කර ගෙන සිදු කළ මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ සියලු වගක වගකිව යුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ ආයතන කටයුතු කළ යුතු ය. තව ද රටේ ඇතිවුණු දේශපාලන, සමාජ, ආර්ථික අර්බුද නිසා මීට පෙර අප විසින් හා විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත්
කරන ලද යො ්ජනා කෙරෙහි කඩිනම්ව අවධානය යොමු නොක ිරීම නිසා මෙබඳු ප්‍රතිවිපාක දක්නට ලැබෙන බව සිහිපත්  කර සිටිමු.

මෙම තීරණාත්මක අවස්ථාව තුළ විමසිලිමත්ව සබුද්ධිමත්ව හා ඉවසිලිමත්ව කටයුතු කර අර්බුදකාරී තත්ත්වයන් විසඳා ගැනීමට කටයුතු කරන ලෙස සියලු වගකිවයුතු පාර්ශ්වයන්ට හා රට වැසියන් සියලු දෙනා වෙත මෙය ින් සිහිපත් කර සිටිමු

Archive

Latest news

Related news