Thursday, April 18, 2024

හදිසි නීතිය යටතේ ආරක්ෂ අංශ නිවාඩු අවලංගු කරයි; ජනතාව සමඟ යුදධයක් කරන්නදැයි සැක!

ඊයේ මධ්‍යම රාතියේ සිට පනවන ලද හදිසි නීතිය යටකේ සියළුම ආරක්ෂ අංශ සාමජිකයින්ගේ නිවාඩු   අවලංගු කර තිබේ.

නිවාඩු ලබා ගොස් සිටින සියලු සමාජිකයින් වහාම සේවයට වාර්තා කළ යුතු බව  ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

මෙවැනි පියවරක් යුද සමයේ දී පවා ගැනුණේ ඉතාම තීරනාත්මක අවස්තාවලදීය.

ගෝටා ගෙදර පල විරෝධතා ව්‍යාපරය සුනාමියක් ලෙස නැගී එන බැවින් එම තත්වය මර්දනය කිරිමට මෙම පියවර ගෙන ඇතැයි අනුමාන කැරේ.

මේ අතර හදිසි නීතිය පැනවීම පිළිබද රජයේ නිවේදනය සදහන් කරන්නේ ප්‍රචණ්ඩ ආකාරයක් ගනිමින් තිබෙන විරෝධතා සහ හර්තාල් ව්‍යාපාරයන්ට මුහුණ දීමට එය පනවන ලද බවයි.

මෙය සහමුලින්ම බොරුවක් බවත් අරගලය ප්‍රචණ්ඩ ආකාරයක් ගෙන නැති බවත් ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන්නේ රජය බවත් විරෝධතාකරුවෝ පවසති.

ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනයා සමග යුද්ධයකට සූදානම් වන්නේ දැයි සැකයක් මෙමගින් මතු වන බව විචාරකයෝ පවසති.

 

Archive

Latest news

Related news