Friday, April 19, 2024

රාජපක්ෂ මරුවිකල: ස්වාධීන අධිකරණයටත් අත තියයි!

දිනෙන් දින නැගී එන මහජන විරෝධතා සුනාමිය හමුවෙහි මරු විකලට පත්ව සිටින පාලක රාජපක්ෂ මාපියාව දැන් අධිකරණ ස්වාධීනත්වයටද කලඑළියේම අත තියන්නට පටන් ගෙන තිබේ.

මේ හැගී හැංගී වෙස් බැන්දත්නටන්න වෙන්නේ එළියේ යැය යන කියමන සනාථ වීමක් බව නීති අංශ පවසති.

මේ සම්බන්ධ අලුත්ම සිදුවිම වන්නේ කඩුවෙල මහේස්ත්‍රාත්තුමිය වන චානිමා විජේබණ්ඩාරට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමයි.

පාර්ලිමේන්තුවට පෙත්සමක් බාර දීමට යමින් සිටි විරෝධතාකරුවක් සහ විරෝධතාකාරියක් පිරිසක් නීති විරෝධීව පසුගියදා පොලීසිය විසීන් අත්අඩංගුවට ගෙන කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණය ‌ වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවෙහිදී පුද්ගලික ශරීර ඇප මත ඒ සියලු ‌දෙනා නිදහස් කරන ලද්දේ  ඇය විසිනි.

ඇය‌ට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාෂාවවත් කර ඇත්තේ ඊට පළිගැනීමක් ලෙස යැයි විශ්වාස කැරේ.

මෙළෙස පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම ස්වාධීන අධිකරණයක පැවැත්මට ඍජු බලපෑමක් ඇති කරනු  ඇතැයි ප්‍රකාහණයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ අදිකරණ සේවා සංගමය ප්‍රකාශ කරයි.

එම ප්‍රකාශය පහත පළවේ.

Archive

Latest news

Related news