Wednesday, May 1, 2024

රටම නැවැත්වූ මහ වැඩ වර්ජනය ඉතිහාසගත වාර්තාවක්.

ඊයේ වැඩ වර්ජිත පිරිස් දහස් ගණනින්  ගෝටා ගෝ ගමට ආහ. ( ජායරූපය: තිළින කලුතොටගේ)

(Lanka Truth) ඊයේ (28) පැවැත්වූ සමස්ත මහා වැඩ වර්ජනය මෙරට වෘත්තීය සමිති ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරන බවට විශ්ලේෂකයෝ වාර්තා ඉදිරිපත් කරති.

අද(29) නිකුත් වූ සියළුම පුවත්පත්වල මේ සම්බන්ධයෙන් විවිධ විශ්ලේෂණ වාර්තා පළකර තිබේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අසීමිත බලයක් අත්පත් කර ගත් ජනාධිපති යටතේ සහ පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් සහිත ආණ්ඩුවක් යටතේ අතිශයින්ම සාර්ථක වැඩ වර්ජනයක් පැවැත්වූ බව එම වාර්තාවල දැක්වේ. විශේෂයෙන්ම 1980 ජූලි වර්ජනය මර්දනය කිරීමෙන් පසුව මෙරට වෘත්තීය සමිති ඉතිහාසයේ පළමුවරට මුලු රටම නැවැත්වූ වැඩ වර්ජනයක් බවට මෙය පත්වූ බව එම විශ්ලේෂණයන්වල දැක්වේ.

රාජපක්ෂ පවුලේ ආණ්ඩුව ගෙදර යා යුතු බවට රට පුරා නැගෙන උද්ඝෝෂණ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් ද වඩාත් ප්‍රබල ලෙසින් මතුකළ අතර මැයි 06 වෙනි දින පවත්වන එක්දින ජාතික මහා හර්තාල් ව්‍යාපාරයට විශාල ශක්තියක් එක්දින සංඛේත වර්ජනය විසින් එකතු කෙරිනි.

May be an image of one or more people, people standing, motorcycle, crowd and outdoors
May be an image of one or more people, people walking, people standing, outdoors, crowd and text
May be an image of one or more people, people standing, outdoors and text
May be an image of one or more people and outdoors
May be an image of one or more people, people standing, outdoors, crowd and text
May be an image of outdoors and text
May be an image of 1 person, standing and text
May be an image of one or more people, people standing, outdoors, crowd and text
May be an image of standing, outdoors and text
May be an image of one or more people, people standing and outdoors
May be an image of one or more people, people standing, outdoors and crowd

Archive

Latest news

Related news