Thursday, March 28, 2024

රටම නැගිටිත්දී මංත්‍රී ශානකියන් රාසමානික්කම්ට විරෝධතාවයන්ට එක්වීම පොලිසිය සහ උසාවිය තහනම් කරයි! 

ඡායාරූපය:#thilinakaluthotagephotography

දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්ට දෙසතියක කාලයක් සඳහා  රජයට එරෙහි කිසිදු විරෝධතාවයකට සහභාගී වීම කලුවාන්චිකුඩි මහේස්ත්‍රාත්වරයා විසින්  තහනම් කර තිබේ.

ෙ හෙට (29) සිට දින 14ක් යනතුරු කිසිදු රාජ්‍ය විරෝධී විරෝධතාවයකට සහභාගී වීමෙන් වළකින ලෙසට පොලීසිය විසින් කලුවාන්චිකුඩි මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබා ගෙන ඔහු වෙක බාර දී තිබේ.

අධිකරණ නියෝගයට කියා සිටින්නේ , ඔහු විසින් විරෝධතා නොපවැත්විය යුත බව සහ , ඔහුට සම්බන්ධ පුද්ගලයින් පොදු දේපළවලට හානි කරන විරෝධතාවලට සහභාගි නොවිය යුතු බවත් බව,” පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් ජනමාධ්‍යට පවසා තිබේ.

උද්ඝෝෂණයක් නොකරන්නැයි නියෝගයෙන් නොකියන බවත්, නමුත් ඒ සමඟම උද්ඝෝෂණයක් කිරීම අධිකරණ නියෝගය කඩ කිරීමක් බවත් ඔහු පවසා තිබේ. මෙම අධිකරණ නියෝගය ගැන ඔහු දෙමළ බසින් ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විරෝධතා පවත්වන අවස්ථාවක තමාට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කලුවාන්චිකුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයා සමත් වී තිබෙන බව මංත්‍රීවරයා පවසයි.

මෙම තහනම් නියෝගය ගැනීමට හේතුව කුමක් දැයි පැහැදිළි නැත.

රට තුළ ඇත්තේ එක නීතියක් නොවන බවත් නැතිනම් දෙමළ ජනතාවට වෙනත් නීත  ඇති බවත්  දෙ කලුවංචිකුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙන් යළිත් වරක් ඔප්පු වී ඇතැයි ද ඔහු පවසයි.

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව පාරට බැස ඇති අවස්ථාවක මෙම අධිකරණ නියෝගය ලබා ගැනීම පිළිගත නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙවැනි අධිකරණ නියෝග නිකුත් කරමින් මහජනතාවගේ නිදහස සීමා කිරීමෙන් රජය සිදු කරන්නේෙ  රාජපක්ෂවරුන් පලවා හැරීමට මහජනතාවට තවත් ධෛර්යයක් ලබාදීම පමණක් බවද ඔහු පවසයි.

තමන් අද දිනයේ කිසිදු විරෝධතාවයකට සහභාගී වීමට අදහස් නොකළ බවත් පෙ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන තුරු මහජන විරෝධතා සඳහා තම සහය අඛණ්ඩව පවතින බව තහවුරු කර තිබේ.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදිහසට පනවා ඇති මෙම තීරණයට විරුද්ධව මේ තාක් කිසිදු මෙරට ජනමාධ්‍ය හෝ මානව හිමිකම් සංවිධානයක් විරෝධය පළ කර නැත.

 

Archive

Latest news

Related news