Thursday, April 25, 2024

සිවිල් සමාජයේ සාමූහික ප්‍රකාශය: මර්දනය නවතනු! 20 සං‍ශෝදනය සති තුනක් තුළ අහෝසි කරනු!

ඡායාරූපය: රඹුක්තන පොලිිසිය විසින් නිරායුධ විරෝධතාකරුවකු මරා දැමීමට එරෙහිව පවත්වන ලද නිරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි)

ජනතාව පිළිගන්නා විසඳුමක් වෙත සියලු දේශපාලන පක්ෂ, ඒවායේ නායකත්වයන්, සහ පාර්ලිමේන්තු නියෝජිතයන්ජනාතාවට කන් දිය යුතු බවත් දේශපාලන ස්ථාවරත්වය ඇති කර ජනතාවගේ පීඩනය සමනය කිරීම පිණිස පාර්ලිමේන්තුව තුළ විසඳුමක් ලබා දිය යුතුව ඇති බවත් දක්වමින් සියයකට අධික සිවිල් පුරවැසියන්ගේ අත්සනින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා හා මන්ත්‍රීතුමියන්ලා වෙත ඉදිරිපත් කර ඇත.

එය පහත දැක්වේ.

මර්දනය නවතනු!

20 සං‍ශෝදනය සති තුනක් තුළ අහෝසි කළ යුතුය!

ජනතාව පිළිගන්නා ආණ්ඩුවක් පිහිටුවා ජනතාට සහන ලබාදීම විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ වගකීමකි!

 නිරායුධව විරෝධතා දක්වන ජනතාවට වෙඩි තැබීම තරයේ හෙලා දකිමු. ඒ සඳහා කඩිනම් අපක්ෂපාත පරීක්ෂණයක් සිදු කරන ලෙස අවධාරණය කර සිටිමු.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වනවිට සිය තීරණ වැරදි බව පිළිගෙන ඇත. එබැවින් සමස්ත ආණ්ඩුව ඉල්ලා අස් වියයුතුය යන ජනතා ඉල්ලීමට ගරු කිරීමට ඔවුහු බැඳී සිටිති. එමෙන්ම, විපක්ෂය සිය ජාතික වගකීම ඉටු කරමින් වර්තමාන අර්බුදය විසඳා ගැනීමට සිය දායකත්වය ලබාදිය යුතුය. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ජන අරගලයේ නියුතු තරුණ ප්‍රජාව ප්‍රමුඛ මහ ජනතාව සමඟ පෙළගැසෙමින්, ශ්‍රී ලාංකික සිවිල් සමාජ ප්‍රජාව වශයෙන් මෙම ප්‍රකාශය ඉදිරිපත් කර සිටිමු.

උද්ගතව ඇති සමාජ සහ දේශපාලන අර්බුදය, ඊට දක්වන සෑම ප්‍රතිචාරයකටම වඩා වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. යම් හෙයකින්වීදි බැස විරෝධය දක්වන මෙන්ම එම මතය සමඟ එකඟ වන අතිමහත් ජනතාව ගෙන යන අරගලයට සාමකාමී සහ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදීමටඅසමත් වුවහොත් එය සමස්ත නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයටම එරෙහි සටනක් දක්වා පරිණාමයවීමට පවා ඉඩ තිබේ.

එබැවින්, ජනතාව පිළිගන්නා විසඳුමක් වෙත සියලු දේශපාලන පක්ෂ, ඒවායේ නායකත්වයන්, සහ පාර්ලිමේන්තු නියෝජිතයන්ජනාතාවට කන් දිය යුතුය. දේශපාලන ස්ථාවරත්වය ඇති කර ජනතාවගේ පීඩනය සමනය කිරීම පිණිස පාර්ලිමේන්තුව තුළ විසඳුමක් ලබා දිය යුතුව ඇත.

ඒ අනුව, වර්තමාන දේශපාලන අර්බුදය විසඳීමට ජනමතය සමග අනුගත කඩිනම් විසඳුමක් ලබාදීම බලධාරී සියල්ලන්ගේ පරම වගකීමකි. ඒ සඳහා සිවිල් සමාජයේ සහයෝගය යෝග්‍ය පරිදි ලබා දීමට අප සූදානම්ව සිටිමු. ශ්‍රී ලංකා ජනරජයේ යහපැවැත්ම හා ජනතාවගේ සුභ සිද්ධිය අරමුණු කරගනිමින් අත්‍යවශ්‍ය වන ප්‍රතිසංස්කරණ යෝජනා පහතඉදිරිපත් කරමු:

  • සාමකාමී ජනතා විරෝධයට එරෙහිව රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ඍජුව හෝ වක්‍රව භාවිත නොකළ යුතුය.
  • දැනට පවතින 20 වන සංශෝධනය අහෝසි කර යළි පාර්ලිමේන්තුවට බලය පැවරෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය හඳුන්වා දීම සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ. එහි පළමු පියවර වශයෙන් 19+ ව්‍යස්ථා සංශෝධන සති 3ක කාල රාමුව තුළ සිදු කළ යුතුය. මේ කාර්යයට වහා උරදීම වර්තමාන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රමුඛ කාර්යය වේ.
  • පාර්ලිමේන්තුව තුළ සියලු පක්ෂ ඒකරාශී වී තාවකාලික පාලනයක්ස්ථාපිත කිරීම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද පරම ජාතික වගකීමකි. එමගින් දේශපාලන ස්ථාවරත්වය සඳහා අවශ්‍ය පදනම සම්පාදනය කළ යුතුය. එම පාලනය විසින් කැබිනට් මණ්ඩලක් පත්කළ යුතු අතර, විවිධ විද්වත්, වෘත්තීය සහ සිවිල් පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති විවිධ යෝජනාඅවම පොදු ආර්ථික වැඩපිළිවෙළක් සම්පාදනය කළ යුතුය.
  • වර්තමානයේදී ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති, දැඩි ආර්ථික දුෂ්කරතාවන් හඳුනා ගනිමින්, ඒවාට කඩිනම් විසඳුම් ලෙස සහනාධාර ලබා දීම පිණිස පූර්ණ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්පාදනය කර ක්‍රියාවට නැංවීම යෝජිත කෙටිකාලීන ආණ්ඩුවේ වගකීමකි.
  • ජනතා පිබිදීම මගින් ප්‍රකාශ කෙරෙන ගැඹුරු පණිවුඩය අවබෝධ කර ගනිමින්, පුලුල් ජනතා සහභාගිත්වයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කළ යුතුය. එමගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහසියලු සිවිල්, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් තහවුරු තහවුරු කළ යුතුය.

 

 

  1. කරු ජයසූරිය
  2. මහාචාර්ය සරත් විජේසූරිය
  3. ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
  4. මහාචාර්ය රොහාන් සමරජීව
  5. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
  6. මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
  7. මහාචාර්ය අනුර උතුමන්ගේ
  8. මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
  9. ප්‍රවීණ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ
  10. ආචාර්ය සුජාතා ගමගේ
  11. ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
  12. ආචාර්ය ජෙහාන් පෙරේරා
  13. ආචාර්ය අතුලසිරි සමරකෝන්
  14. නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය
  15. නීතිඥ නාමල් රාජපක්ෂ
  16. නීතිඥ සුනිල් ජයරත්න
  17. නීතිඥ පියරත්න බණ්ඩාර
  18. නීතිඥ ජාවෙඩ් යූසුෆ්
  19. නීතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන
  20. නීතිඥ ජයන්ත දොලවත්ත
  21. නීතිඥ ජනක එදිරිසිංහ
  22. නීතිඥ චම්පානි පද්මසේකර
  23. නීතිඥ හරේන්ද්‍ර දුනුවිල
  24. නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම
  25. නීතිඥ මාස් යුසුෆ්
  26. නීතිඥ දුලාන් දිසානායක
  27. ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය
  28. මාධ්‍යවේදී සරෝජ් පතිරණ
  29. මාධ්‍යවේදී සජීව විජේවීර
  30. පාලිත ලිහිණියකුමාර
  31. මාධ්‍යවේදී සුනිල් ජයසේකර
  32. වෛද්‍ය චාමල් සංජීව
  33. වෛද්‍ය අජිත් අමරසිංහ
  34. වෛද්‍ය රාජා විජේතුංග
  35. රෝහණ හෙට්ටිආරච්චි
  36. ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
  37. තිලක් කාරියවසම්
  38. ශාන් විජේතුංග
  39. සමන් එම් කාරියකරවන
  40. එස්.එම්.ජයෙන්ද්‍රසිංහ
  41. සමන් රත්නප්‍රිය
  42. හරේන්ද්‍ර බී දසනායක
  43. අකලංක හෙට්ටිආරච්චි
  44. වරුණ දීප්ති රාජපක්ෂ
  45. රාජිත අබේගුණසේකර
  46. මයුර සේනානායක
  47. ප්‍රියදර්ශනී ආරියරත්න
  48. බන්දුල චන්ද්‍රෙස්කර
  49. රවී කුමුදේශ්
  50. සුජීව සෙනරත්
  51. අකිල බණ්ඩාර රාජපක්ෂ
  52. පී.ඒ.ඩී.ප්‍රසාද් ප්‍රසන්න
  53. ආර්.එම්.පී.ඒ.ජයන්ත
  54. ශලීල මුණසිංහ
  55. වින්ස්ටන් පතිරාජ
  56. නදී වාසලමුදලිආරච්චි
  57. එස්.විමල ගුණරත්න
  58. ඒ.ජේ.මුණසිංහ
  59. සුනිල් ආර් ද සිල්වා
  60. තමීර මංජු
  61. හර්ෂ ගුණසේන
  62. කේ.අත්තනපොල
  63. සරත් අබේසිංහ
  64. දශික මුදලිගේ
  65. රංග චන්ද්‍රරත්න
  66. රොෂාන් කරවනැල්ල
  67. ප්‍රසන්න කුමාර
  68. හිටපු දිසාපති සුනිල් කන්නන්ගර
  69. සංජීව ප්‍රනාන්දු
  70. ජී.ඩී.දහනායක
  71. නජා මොහොමඩ්
  72. ගාමිණී ජයවීර
  73. අනුර විදානගමගේ
  74. හිටපු පා.ම.රණවීර පතිරණ
  75. ධර්මසිරි බන්ඩාරණායක
  76. රංග බන්ඩාරණායක
  77. පිලිප් දිසානායක
  78. තමරා දයානි
  79. හිටපු පා.ස.ම ජයලත් බණ්ඩාර
  80. උදේනි දිසානායක
  81. චින්තක බණ්ඩාර
  82. ලාල් බංගමුව
  83. නිශාන්ත ප්‍රීතිරාජ්
  84. ශාන්ති අමරසේකර
  85. කපිල රාජපක්ෂ
  86. නිරුක්ෂ නන්දකුමාර
  87. රුවන් ගාල්ලගේ
  88. චිරන්ත අමරසිංහ
  89. හිටපු ප.සභා මන්ත්‍රී අනුර දිසානායක
  90. ලාල් අමරසිංහ
  91. නිමල් වර්ණකුලසූරිය
  92. මනූ තිසේරා
  93. අනුර ගුණරත්න
  94. ප්‍රසන්න ඇලපාත
  95. ප්‍රදීප් චාල්ස්
  96. රංජිත් හෙන්නායකආරච්චි
  97. ප්‍රගීත් ලියනාරච්චි
  98. ධම්මික ඒකනායක
  99. ගයාන් මහවත්ත
  100. අසේල සම්පත්
  101. සන්ධ්‍යා එක්නැලිගොඩ
  102. සම්පත් රාජිත
  103. ජී.එස්.ජයරුක්
  104. ලයනල් බෝපගේ
  105. මුදිත කරුණාමුනි
  106. මංජුල ගජනායක
  107. කේෂාන් වීරසිංහ
  108. ජනක රාජපක්ෂ
  109. ප්‍රසාද් ප්‍රසන්න
  110. ප්‍රියවන්ශ දේශප්‍රිය
  111. රිචඩ් තනප්පුලිආරච්චි

2022-04-20

 

 

Archive

Latest news

Related news