Wednesday, April 24, 2024

නැගනිය දුන් මල නිසා පැන්න අයට: “මෙතන මල මෙතන නටන්න”- චින්තන ධර්මදාස

ඊයේ වැඩේදි අර නංගි මලක් දුන්නා විතරක් නෙමෙයි කොපි කරපු කරුණු 15කුත් පිළිගැන්නුවා. ඔරිජිනල් එකේදී නිකං මලක් විතරක් දුන්නට ඒ මල අතට ගන්න නම් නිශ්චිතව මේ දේවල් පිලිගන්න කියල ඉදිරිපත් වුනේ ඊයෙ වැඩේදි. මේ තියෙන්නෙ ඒ කරුණු 15. මල දැක්ක අයත් මළ පැන්න අය ඒ දිහාත් බලන්න. මොකද වැඩේ තිබුනෙ ඒකට. මල අනුශාංගික අංගයක් විතරයි.

1. රාජපක්ෂවාදය අවසන් කිරීම.
2. 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර සුදුසු සංශෝධන සහිතව 19වන සංශෝධනය යළි පැනවීම.
3. රාජපක්ෂ විරෝධී පක්ෂ එකමුතුවෙන් නිශ්චිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් ඇති කිරීම.
4. සියලු ජාතීන්ට, ආගම්වලට සහ ලිංගිකත්වයන්ට සම අයිතිය ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයක් පිලිගැනීම.
5. ආර්ථික අර්බුදයට සාමූහික එකඟතාවයෙන් කඩිනම් විසඳුම් සෙවීම
6. ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ගෑස් පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.
7. අර්බුදය හමුවේ දිළිඳු ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය සහතික කිරීම.
8. පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහ පක්ෂවල වත්කම් බැරකම් ජනතාවට දැනගැනීමේ අයිතිය ලබාදීම.
9. රාජ්‍ය ආයතනවල සියලු ගනුදෙනු විගණනයට යටත් කිරීම
10. මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කිරීම.
11. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම.
12. වංචා දූෂන සහ පාස්කු අපරාධ සම්බන්ධ චෝදනා නීත්‍යානුකූලව විමර්ශනය කොට දඬුවම් ලබාදීම.
13. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම
14. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම
15. පුරවැසියන්ගේ මතය ඉදිරිපත් කිරීමට සහ පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම සඳහා පුරවැසි වේදිකාවක් පිහිටුවීම

මුහුණු පොතිනි.

Archive

Latest news

Related news