Friday, April 26, 2024

පාරට එන්නත් තහනම්: මහජන ආරක්ෂක ආඥාපනත 16 වන වගන්තිය යටතේ වූ ඇඳිරි නීති නියමය නිකුත් කරයි

(40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනත 16 වන වගන්තිය යටතේ වූ ඇඳිරි නීති නියමය

මෙහි උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය යැයි මා විසින් සලකනු ලබන හෙයින්, (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ වන මම, ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය හෝ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය හෝ පොලිස්පති හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස, 2022 අප්‍රේල් මස 02 වන දින පැය 18-00 සිට 2022 අප්‍රේල් මස 04 වන දින පැය 06-00 දක්වා කිසිම තැනැත්තකු විසින් යම් පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු යැයි මේ නියමය මගින් විධාන කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ,
ජනාධිපති.
2022 අප්‍රේල් මස 02 වන දින,
කොළඹ දී ය.

Archive

Latest news

Related news