Tuesday, April 16, 2024

අප්‍රේල් 03 විරෝධතාවයේ මූලිකයන්ගේ නිවෙස් වලට සිවිල් පොලිස් කණ්ඩායම්; මහ රෑ පැහැර ගත් තිසර බණ්ඩාර අද උසාවියට!

ඡායාරූපය: තිසර බණ්ඩාර

Thisara Anuruddha Bandara කියන්නෙ මේ සාමකාමී අරගලයේ ඔබ කවුරුත් හඳුනන අපේ සටන් සගයෙක්.
ඊයේ මධ්‍යම රාත්‍රී 12.15ට තිසරව සිය නිවසට සිවිල් ඇඳුමෙන් පැමිණි මෝදර පොලීසියේ යැයි කියනා පිරිසක් විසින් රැගෙන ගොස් තිබෙන බව පැතුම් කර්නර් ගේ මහුණූ පොතේ වාර්තා කර තිබේ. මෝදර පොලීසියට ගොස් විමසූ විට තිසර එහි නොමැති බව පවසල තිබෙන බවත් මේ සාමකාමී අරගලයේ සිටින ඔබගෙන් තිසර ඉන්න තැන ගැන ලංකාවෙ කොහේ හෝ කොනක ඉන්න ඔබට ආරංචියක් ආවොත් ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙසත් එම පොස්ටුව ඉල්ලා සිටී.

ඔහු සෙවීමට ගත්ණ්ඩ සියලු උත්සාහයන් පල දරමින් අද සවස අලුත්කඩේ අංක හය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය මානව හිමිකම් කොමිසමට දැනුම්  දී තිබේ.

එහි තව දුරටත් මෙසේ සඳහන් වේ.

මේ තමයි දේශපාලන ත්‍රස්තවාදයේ ස්වරූපය. අපව අතුරුදහන් කොට රට මේ අගාධයෙන් ගොඩ ගන්න පුළුවන් නම් ඒකට වැඩියෙන්ම සතුටු වෙන පිරිස අපි. ඉදිරිපෙළ සගයන් කොතෙක් අතුරුදහන් කිරීමට මේ ත්‍රස්තවාදී උපක්‍රම භාවිත කරත් ඒ වෙනුවෙන් හඬ නැගීමට තවත් ලක්ෂ ගණනක මිනිස්සුන් මේ පාලනය වෙත සිය විරෝධය දක්වාවි. එය පෙරටත් වඩා තදින් ඔබට දැනේවි.

නිර්පාක්ෂික සාමකාමී අරගලයේ ආරම්භයට පමණක් ඔවුන් කොතරම් බිය වී ඇත්ද?

අදූරදර්ශී මිනිස්සුන්ගේ වහල්වාදී පාලනයෙන් මේ රට මුදවා ගැනීමට අවිහිංසාවාදීව සිය විරෝධය ප්‍රකාශ කිරීම අතුරුදහන් කිරීමට තරම් වරදක් ද?

අපට අජිත් රෝහණ මහත්මයාගෙන් ඇසීමට ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
1. ඔබ මාධ්‍ය සාකච්ඡාවේදී කිවුවා වගේ සාමකාමී උද්ඝෝෂණකරුවන්ට ලබා දෙන නිදහස මෙලෙස සිවිල් ඇඳුමින් මාංචු රැගෙන පැමිණ රැගෙන යාමද?
2. එසේ නම් කිසිම වරදක් නොකරපු මිනිස්සුන්ව මෙහෙම ගෙනියන්න තරම් නීතියක් ක්‍රියාත්මක කරන්න ඔබේ හෘදසාක්ෂිය ඔබට ඉඩ දෙනවද?
3. තිසර අනුරුද්ධ බණ්ඩාරව අතුරුදහන් කළ ආකාරයට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත අවිහිංසාවාදී මහජනයා අතුරුදහන් කරන්න ඔබට පුළුවන් ද?
4. එහෙම අතුරුදහන් කරල ඒ මිනිස්සුන්ව කොහෙද හංගන්න බලාපොරොත්තු වෙන්නෙ?
5. මේ රටේ ඔබ රකින ඔබ කියන නීතිය මේකද?

ආරක්ෂක අංශ සාමාජිකයින්ට කියන්නට අපිට පණිවිඩයක් ඇත. ඔබේ අපේ සහ උපනූපන් දරු පරම්පරාවක නිදහස වෙනුවෙන් සාමකාමීව විරෝධය ප්‍රකාශ කළ තිසර අනුරුද්ධ බණ්ඩාර තරුණයාව සඟවා ගෙන ඉන්නේ කොහෙද කියල ඔබට පහසුවෙන් හොයාගන්න පුළුවන් කියල අපි දන්නවා. හදවතට තට්ටු කරල අහන්න. මේ විරෝධය අනාගත පරම්පරාවක් වෙනුවෙන්, මේ රටේ ජීවත් වීමට අයිතිය ඉල්ලන මිනිස්සු වෙනුවෙන්. ඒක නිසා තිසර ඉන්න තැන දන්න කෙනෙක් පණිවිඩයක් තියන්න. අපි වෙනුවෙන් අපි කියන එක සම්පූර්ණ වෙන්නෙ එතකොට.

පැතුම් කර්නර්ගෙ ගෙදරට, තාරුක රණවීරගෙ ගෙදරට සිවිල් ඇඳුමෙන් මෙලෙසම පැමිණ රැගෙන යාමට උත්සහ කරා. ඔබට පුළුවන් ද මේ රටේ පුරවැසියො හැමෝම එහෙම ගෙනියන්න.

ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?

අද අපිව පැහැර ගන්න පුළුවන්. හැබැයි මේ දේශපාලන ත්‍රස්තවාදය හෙට ඔබව ඔබේ නූපන් දරුවාව ඉලක්ක කරල හමාරයි. ඊළඟට ඔබට මෙය වෙන බව මතක තබාගන්න.

අතුරුදහන් කරල රකින්න තරම්, වියරු පාලකයින් සතුව ඇත්තේ මොනවාද?

මාධ්‍ය සගයිනි, නීතිවේදී සගයිනි, නිර්පාක්ෂික අරගලයේ අවිහිංසාවාදී ජනතා සගයිනි…

මේ ඔබේ හඬ පෙරටත් වඩා නැඟිය යුතු මොහොතක්.

(පැතුම් කර්නර් වෙනුවෙන් ලියා ඇති පොස්ටුවකිනි.)

Archive

Latest news

Related news