Tuesday, July 16, 2024

“යුද්ධය එපා! පච ප්‍රචාර විශ්වාස නොකරන්න” – ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මැද මාධ්‍යවේදිනයක් රුසියාව කළඹයි!

ඡායාරූපය: මාධ්‍යවේදිනී මරීනා ඕව්සියානිකෝවා Marina Ovsyannikova  මෙම විරෝධතාව නිසා වසර 15 ක සිරදඬුවම් වලට මුහුණ දිය හැකි බව ITV ප්‍රවෘත්ති වාර්තාකරු රේචල් යංගර් වාර්තා කරයි.

රුසියානු හමුදා විසින්  යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීම සඳහා රුසියානු රාජ්‍ය මාධ්‍ය  සේවිකාවක    ප්‍රවෘත්ති විකාශනයක් මැදට විරෝධතා පුවරුවක් රැගෙන දිව ආවේය. ඒ මාධ්‍යවේදිනී මරීනා ඕව්සියානිකෝවාය.

රුසියාවේ ප්‍රබලතම රාජ්‍ය මාධ්‍ය වන “චැනල් වන්” හි සංස්කාරිකාව වන  මරීනා ඕව්ස්යානිකෝවා සඳුදා සවස එම රූපවාහිනී ජාලයේ සජීවී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශිකාව පිටුපසට දිව ආවේ : “යුද්ධය නවත්වන්න. යුද්ධයට එපා.” යන පෝස්ටරයක් රැගෙනය.

Marina Ovsyannikova

යුක්රේනියානු පියෙකු සහ රුසියානු මවක් සිටින මාධ්‍යවේදිනිය, “ රජයේ ප්‍රචාරණ විශ්වාස නොකරන්න. ඔවුන් ඔබට මෙහි බොරු කියනවා. ” යැයි එම පෝසටරයේ සටහන් කර තිබුණි.

පෝස්ටරටහි ඉංග්රීසි භාෂාවෙන් අත්සන  කර ඇත්තේ  “යුද්ධයට එරෙහිව රුසියානුවන්”ෙ යනුවෙනි.

ඇයගේ විරෝධතාවයෙන් කැමරාව ඉවතට ගන්නා තුරුම පෙර ප්‍රවෘත්ති නිවේදිකාව දිගටම සිය කාරිය කරගෙන ගියාය.

ඇයගේ සජීවී විරෝධතාවයට පෙර, පූර්ව පටිගත කරන ලද වීඩියෝවක් Ovsyannikova  ඇයගේ සමාජ මාධ්‍ය පිටුවේ  නිකුත් කර ඇති අතර එහිදී ඇය “චැනල් වන්” හි වැඩ කිරීම සහ “ක්‍රෙම්ලින් ප්‍රචාරණය” පතුරුවා හැරීම ගැන ලැජ්ජා වන ප්‍රකාශ කරයි.

චැනල් වන්” යනු රුසියාවේ විශාලතම ප්‍රවෘත්ති වැඩසටහන් වලින් එකක් වන අතර එය දිනකට මිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් නරඹනු ලැබේ.

සිය සමාජ ජාල අඩවියට නිකුත් කළ වීඩියෝවෙහි ඇය නිල් සහ කහ පැහැති මාලයක් පැළඳ සිටියාය.  එය යුක්රේන ධජයේ වර්ණ පමණක් නොව යුක්රේන සහ රුසියානු වර්ණවල සම්මිශ්‍රණයක් වන අතර ඇයගේ ද්විත්ව උරුමය පිළිබිඹු කරයි.

ඇයගේ වීඩියෝ ප්‍රකාශයේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම “අපරාධයක්” ලෙස විස්තර කළ ඇය, රටේ ජනාධිපතිවරයා ඉලක්ක කර ගැනීමට පෙර රුසියාව “ආක්‍රමණිකයා” ලෙස හැඳින්වුවාය.

“මෙම ආක්‍රමණයේ වගකීම ඇත්තේ එක් පුද්ගලයෙකුගේ උරහිස් මත පමණි: ව්ලැඩිමීර් පුටින්ය”.

ඇය රුසියානුවන්ගෙන් ඉල්ලා සිටියේ ආක්‍රමණය අවසන් කිරීම සඳහා යුද විරෝධී විරෝධතාවලට එක්වන ලෙසයි.

“මේ පිස්සුව නවත්තන්න බලය තියෙන්නේ අපිට විතරයි. උද්ඝෝෂණ වලට යන්න. කිසිම දේකට බය වෙන්න එපා. එයාලට අපි ඔක්කොම හිර කරන්න බෑ”,  යනුවෙන් ඇය පවසා තිබුණි.

රාජ්‍ය මාධ්‍යයේ සිටිමින් මේතාක් බොරු ප්‍රචාර කිරීම ගැන තමා ලැජ්ජාවට පත්ව සිටින්නේ යැයි ද ඇය එහි පවසයි

මෙම විරෝධතාවයෙන් පසු ඇය අත්අඩංඟුවට ගන්නා ලද අතර රුසියවෙහි පවත්නා දරුණූතම නීතියක් යටතේ ඇයට නඩු පවරනු ඇතැයි විශ්වාස කෙරේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පනවන ලද නව නීතියකට අනුව යුක්රේනයේ සිදුවන්නේ යුද්ධයක් යැයි ප්‍රකාශ කළහොත් 15 වසරක සිර දඩුවමක් දිය හැකිය.

දැන් රුසියාවෙහි ඇත්තේ රජයට අයත් සහ රජයට පක්ෂපාතී මාධ්‍ය පමණකි.

මෙම තත්වයට මහුණ දීම පිනිස රුසියානුවන් මිලියන 150ක දුරකතණ අංක ලබා ගත් පෝලන්තය විශේෂ වෙබ් අඩවියක් මගින් එම දුරකතන අංක වලට වර්න වර යුද්ධයේ සැබෑ තතු පණිවිඩ මාර්ගයෙන් යැවීම පටන් ගෙන තිබේ.

එහෙත් බහුතර රුසියානුයන් මෙවැනි විනාශකාරී යුද්ධයක් රුසියානු හමුදාව විසින් කරගෙන යන බව දන්නේවත් නැතැයි කියනු ලැබේ.

හරියටම ලංකාවේ ජවිපෙ, පොසපෙ වැනි රතු පක්ෂ පවා එය නොදන්නා පරිදිය!

Archive

Latest news

Related news