Friday, March 29, 2024

රනිල් ආණ්ඩුවේ කොමිටියට ගන්න – එජාපය නිල වශයෙන්ම ඉල්ලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පත් කරන ලද ජාතික ආර්ථික සභාවට තම නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එජාප සභාපති වජිර අබේවර්ධන කියා ඇත්තේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අවස්ථාවක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ආර්ථික සභාව නියෝජනය කළ යුතු බවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාට ආර්ථිකය හැසිරවීමේ හැකියාව පවතින බවත් පවතින මූල්‍ය අර්බුදය විසඳීම සඳහා වටිනා යෙදවුම් ලබාදීමට ඔහුට හැකිවනු ඇති බවත් වත්මන් පාලනය ඔහුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවද වජිර අබේවර්ධන පවසා තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ අංකි එකේ සගයකු වන ඇවන්ගාඩ් නිස්සංක සේනාධිපති සමඟ වජිර අබේවර්ධනට ඇති සම්බන්ධය රහසක් නොවේ.

එජාප නායකයා පස් වතාවක් අගමැති වී ඇති බවත් ඔහුට ඉතිරිව ඇත්තේ ජනාධිපති වීම බවත්  වජිර අබේවර්ධන පවසා තිබේ. එනිසා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම අවශ්‍ය නැතැයි ඔහු ප්‍රකාශ කරයි.

Archive

Latest news

Related news