Thursday, March 28, 2024

රජයේ රූපවාහිනිය ඉදිරිපිට 2015දී විරෝධතාවයක යෙදුනැයි කරු පරණවිතාන ජනපති කොමිසමට කැඳවයි!

ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ හෙට දිනයේ (??) පෙනී සිටින ලෙස මා වෙත දන්වා ඇත.

මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව වන්නේ පසුගිය ???? ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනී සංස්ථාව ඉදිරියේ උද්ඝෝෂණයක් කරමින් එහි සභාපතිවරයාව සිටි විමලසේන රූබසිංහ මහතා බියපත් කර රූපවාහිනීයේ කටයුතු අඩපණ කිරීමට ක්‍රියා කළ බවය.

???? ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනිය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයකට මම සහභාගී වූයෙමි. කරු ජය සූරිය මහතා ඇතුලු දේශපාලන නායකයන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් රැසක් එක්ව පැවැත් වූ එම උද්ඝෝෂණයේ අරමුණ වූයේ එම මැතිවරණයේදී මැතිවරණ නීති කඩ කරමින් ජාතික රූපවාහිනිය ගෙන ගිය පක්ෂග්‍රාහී ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමයි.

අතිශයින්ම සාමකාමී වු එම උද්ඝෝෂණය පැය භාගයක් පමණ ජාතික රූපවාහිනිය ඉදිරිපිට පැවැති අතර එයින් රූපවාහිනියේ කටයුතු අඩපණ වූ බවක් එකල නම් වාර්තා වූයේ නැත.

මේ ආයතනය පාරේ පවතින උද්ඝෝෂණ නිසා කටයුතු අඩපණ වන තරම් දුර්වල ආයතනයක් නොවේ.

ජාතික රූපවාහිනියේ වාර්තා කැමරා කරුවෝද මේ උද්ඝෝෂණ වීඩියෝ කළහ. එතැනට පැමිණි අනෙක් මාධ්‍ය නාලිකාද එසේ කළහ. මේ උද්ඝෝෂණය නිසා සභාපතිවරයා බියපත් වූ බව මම නොදනිමි. සාමාන්‍යයෙන් රූපවාහිනියට පත් කරන්නේ නිතරම කෙරෙන මෙවැනි උද්ඝෝෂණ වලට බිය නැති සභාපති වරුන්ය. අනෙක මහපාරේ උද්ඝෝෂණය කිරීම තහනම්ව තිබුනේද නැත. එය අපගේ අයිතියකි.

පාරේ උද්ඝෝෂණ වලදී මෙන් නොව ජාතික රූපවාහිනිය ඇතුළටම ආයුධ සන්නද්ධ මැරයින් කඩා වදින විටද එවකට එහි සභාපතිවරයාව සිටි ආරියරත්න ඇතුගල මහතා හෝ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි මා නම් බියට පත් වූයේ නැත. එහි සේවකයන්ද බිය වූයේ නැත.

නමුත් දැන් මේ කියන උද්ඝෝෂණයට සහභාගී වූ සිය ගණනක් පිරිස අතරින් මා පමණක් තෝරාගෙන මේ චෝදනාව ඉදිරිපත් කර ඇත.

කොමිසම හදන්නේ චෝදනාවට වැරදි කරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීම බව කියනු ඇසේ. එසේ නම් මේ චෝදනාවට වැරදිකරුවකු වුවහොත් මගේ ප්‍රජා අයිතිය නැතිවනු ඇත්තේ අපක්ෂපාතී මාධ්‍යයක් උදෙසා පෙනී සිටීමේ “වරදටය”.
කරු පරණවිතාන
????. ??. ??

විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම අද රැස්විය. මා ඇතුලු විපක්ෂයේ ක්‍රියාකාරිකයන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් කැඳවා තිබිණි. බොහෝ දෙනෙකුට කැඳවු පදනම සිතාසි වල සඳහන් නොවී තිබිණි. මට සිතාසි දෙකක් ලැබී තිබිණි. එකක් චෝදනාවක් සහිතය.අනෙක රහිතවය. මුලින් ලද සිතාසියේ චෝදනාව ලෙස ඇත්තේ ජාතික රූපවාහිනිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කර එහි එවකට හිටපු සභාපති වරයා බියට පත් කර රූපවාහිනී කටයුතු අඩපණපකළ බවය. ⁣මෙය බැලූ බැල්මට විහිළුවක් සේ පෙනී ගියද වැරදි කරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහි ප්‍රජා අයිතිය අහිමි කිරීම ඇතුලු දඬුවම් නිර්දේශ කිරීමට මේ කොමිසමට නීතියෙන් බලය ලබා ඇත. කොමිසම ඉදිරියේ මාර්තු 10 වෙනිදා අප යළි පෙනී සිටිය යුතුය.
2022.02.28

කරු පරණවිතාන මුහුණු පොතිනි.

Archive

Latest news

Related news