Thursday, April 25, 2024

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවාහි සාකච්ඡාව රුසියානු ආක්‍රමණයට යට වී කල් යයි!

ඡායාරූපය: යුක්රේන තානාපති Yevheniia Filipenko ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය ආරම්භ දිනයේදී කතා කරයි.

එළඹෙන 03 වන සිකුරාදා‌ පැවැත්විමට නියමිතව තිබූ මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සාකච්ජා කිරීම දැන් කල් දමා තිබේ.

ඊට හේතුව නම් යුක්රේනයේ රුසියානු ආක්‍රමණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා කාලය වෙන් කිරීමට සිදුවීමයි.

මාර්තු 03ව දින සවස් වරුවේත් 04වන දින උදය වරුවෙත් රුසියානු ආක්‍රමණය පිළිබඳ විශේෂ සාකච්ජාව පැවැත්වේ.

මෙම හදිසි සාකච්ඡාව පැවැත්විම සඳහා පැවැති යෝජනාවට පක්ෂව කවුන්සිලයේ සමාජික රටවල් 47න් 29ක සහයෝගය ලැබුණි. ඊට විරුද්ධව රටවල්  05ක් ඡන්දය දුන් අතර රටවල් 13ක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියහ.

විරුද්ධව ඡන්දය දුන්නේ චීනය, කියුබාව, වෙනිසියුලාව, රුසියාව සහ ඉරිත්‍රියාව පමණි. ඡන්දය ප්‍රකාශිත අන්දම පහත දැක්වේ. මුල් කොළමෙහි පක්ෂය වද  දෙවැනිව විරුද්ධව සහ තෙවෙනිව ඡන්දය නොදුන් රටවල් දැක්වේ.

මේ වෙනස නිසා 04වන සිකුරාදා සවස ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කැරෙනු ඇති අතර ඉන් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජීඒල්. පීරිස්ගේ පිළිතුරු කතාවට ඉඩ ලැබෙනු ඇත. බෙහෝ දුරට සාමාජික රටවල් දෙකක් හෝ තුනකට අදහස් දැක්වීමට කාලය ලැබිය හැකිය.

අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාව ආරම්භ වනු ඇත්තේ 07වන සදුදාය.

03 දින රාජ්‍ය නොවන සංවිධානයක් යටතේ සිය මැදිහත්වීම කිරීමට සිටි කාදිනල් මැල්කම් රංජිත්ට සිය මැදිහත්වීම සඳහා සඳුදා වන තුරු ජිනීවාහි රැදී සිටීමට හෝ යළි රෝමයට ගොස් යළි පැමිණිමට සිදුවනු ඇත.

ක්‍රිස්තියානි ආගමික සංවිධාන දෙකක් මෙම සාකච්ජාවේදී මැදිමත්වීමට අවස්ථාව ලබා ගෙන ඇති අතර බොහෝ දුරට ප්‍රැන්සිස්කන් ඉන්ටර්නැෂනල් යටතේ ඔහු කතා කිරීමට ඉඩ තිබේ.

මෙම තත්වය යටතේ ඔහු පටිගත කරන ලද කතාවක් මගින් සිය මැදිහත්වීම සිදු කිරීමට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග දක්වති.

කාදිනල් මැල්කම් රංජිත් ගේ රෝම සංචාරය සංවිධානය කරන ලද්දේ වතිකානුවෙහි බලසම්පන්න තනතුරක් දරන    දේවගැතිවරයකු වන ජෝ නෙවිල් විසින් බවත් වාර්තා වේ.

රෝමය බලා පැමිණි යුරෝපා කතෝලිකයින්ට කාදිනල් හමුවීමට අවස්ථාවක් ලැබී නැති බවත් ඔවුන් කණස්සල්ලලට පත්ව ආපසු ගිය බවත් වාර්තා වේ.

Archive

Latest news

Related news