Tuesday, July 16, 2024

නිමලරාජන් ඝාතනය සම්බන්ධයෙන් බ්‍රිතානයයේ්දී අත් අඩංඟුවට ගත් පුද්ගලයා නිදහස් කරයි.

2000 වසරේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනයට අදාළව බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ සම්බන්ධ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා විමර්ශණයෙන් අනතුරුව නිදහස් කර තිබේ.

ප්‍රතිත්‍රස්ත විධානයේ කොටසක් වන යුධ අපරාධ පිළිබඳ කණ්ඩායමේ නිලධාරීන් විසින් ක්‍රියාකාරී මෙහෙයුමකින් පසු  පෙබරවාරි 22 අඟහරුවාදා නෝර්ත්හැම්ප්ටන්ෂයර් හි ලිපිනයකදී 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

2001 ජාත්‍යන්තර අපරාධ අධිකරණ පනතේ 51 වැනි වගන්තිය යටතේ වැරදි සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව අත්අඩංගුවේ පසුවූ අතර පසුව විමර්ශන යටතේ නිදහස් කර ඇත.

නිමලරාජන්ගේ බිරිඳ සහ දරුවන් දැන් කැනඩාවේ ජීවත් වෙයි.

වසර 20කට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක සඳහා තොරතුරු දන්නා අයගෙන් ඒවා ලබා දෙන ලෙස යුධ අපරාධ පිළිබඳ කණ්ඩායම ඉල්ලා සිට තිබේ.

විමර්ශන අඛණ්ඩව සිදු වන අතර, විමර්ශනයට සහාය විය හැකි තොරතුරු ඇති ඕනෑම අයෙකුගෙන් – විශේෂයෙන් එක්සත් රාජධානියට සංක්‍රමණය වූ සහ දැන් එහි වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ගෙන් දැනගැනිමට  නිලධාරීන් උනන්දුවන බව වාර්තා වේ.

ලංඩන් පොලිසියේ ත්‍රස්ත මර්දන විධානයට නායකත්වය දෙන කමාන්ඩර් රිචඩ් ස්මිත් මෙසේ පවසා ඇත: “මෙය සංවේදී, සංකීර්ණ විමර්ශනයක සැලකිය යුතු යාවත්කාලීන කිරීමකි.

“විශේෂයෙන්ම නිමලරාජන් මහතාගේ ඝාතනයට අදාළව තොරතුරු තිබෙන අය තවමත් සිටිනු ඇත. අපි එම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියට පැමිණ නිමලරාජන්ගේ පවුලට යුක්තිය ඉටුකර ගැනීමට උපකාර කරන ලෙසයි.”

තොරතුරු සැපයීම සඳහා, යුධ අපරාධ කණ්ඩායමට සෘජුවම [email protected] වෙත විද්‍යුත් තැපැල් කරන්නැයි ද එය ඉල්ලා සිටී.

Archive

Latest news

Related news