Saturday, April 27, 2024

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රැහුණගේට දිගින් දිගටම දුරකතන තර්ජන; පොලිසිය නිදි!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ හට   දිගින් දිගටම  ලැබෙන දුරකතන තර්ජන පිළිබඳව කරන ලද පැමිණිළි දෙකකටම නිසි ප්‍රතිචාරයක් නැති බව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියා සිටී.

මෙම තර්ජන ලැබෙන්නේ 077 3037462 දරණ දුරකතන බව ද එහි සඳහන් වේ.

4/12/2021 දින පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් කරන ලද මුල් පැමිණිල්ලෙන් පසු දැන් තවත් පැමිණිල්ලක් කර තිබේ. එය පහත දැක්වේ
16.02.2022
සී.ඩී. වික්රමරත්න මහතා
පොලිස්පති
ශ්රී ලංකා පොලිස් මූලස්ථානය
කොළඹ 01
මහතාණෙනි,
077 3037462 දරණ දුරකතන අංකයෙන් දිගින් දිගටම ලැබෙන සැකකටයුතු ඇමතුම් සම්බන්ධවයි
ඉහත කරුණ සම්බන්ධයෙන් අප සංගමය මගින් ඔබ වෙත 24/12/2021දාතමින් යුතුව එවන ලද ලිපිය හා බැඳේ.
කොළඹ මෝදර පොලිස් වසමේ පදිංචි, ‘අනිද්දා’ පුවත්පතේ නියෝජ්ය කර්තෘ සහ ප්රවෘත්ති කර්තෘ මෙන්ම,ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු සහ වර්තමානයේ විධායක කමිටු සභිකයෙකු ද වන
ලසන්ත රුහුණගේ මහතා වෙත ඉහත සඳහන් දුරකථන අංකයෙන් තවමත් මගහැරුණු ඇමතුම් (missed calls)ලබා දීම සිදු වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 24දා ලිපියක් මාර්ගයෙන් ඔබතුමන් දැනුවත් කළ අතර මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර, අවශ්ය නීතිමය කටයුතු සිදුකරවන මෙන්ද ඉල්ලා සිටියෙමු.
එසේ වුවද තවමත් ලසන්ත රුහුණගේ මහතාට ඉහත සඳහන් දුරකතන අංකයෙන් මගහැරුණු ඇමතුම් (missed calls) ලැබෙමින් පවතී. මේ පිළිබඳව ඔබතුමන් මෙන්ම ජනමාධ්ය අමාත්යවරයාද දැනුවත් කර ඇතත්, අද දක්වා කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම තුළ මෙම සිදුවීම රජයේ හෝ පොලිසියේ උසස් නිළධාරින්ගේ අනුදැනුම මත සිදුවෙන්නක්ද යන සාධාරණ සැකය මතුවේ.
මෙලෙස ලැබෙන දුරකතන ඇමතුම් ලසන්ත රුහුණගේ මහතාගේ නිදහස් මාධ්යකරණයට දැඩි බලපෑම් එල්ල කරවන්නක් බැවින්, මෙම සැකකටයුතු දුරකතන අංකය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකොට ඊට අවශ්ය නීතිමය කටයුතු සිදුකරවන මෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි,
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්
ඇමුණුම : 24/12/2021 දිනැති පොලිස්පති තුමා වෙත එවන ලද ලිපිය
පිටපත් : ඩලස් අලහප්පෙරුම මහතා, ජනමාධ්ය අමාත්
ලසන්ත රුහුණගේ මහතා, නියෝජ්ය කතෘ සහ ප්රවෘත්ති කතෘ – අනිද්දා පුවත්පත

Archive

Latest news

Related news