Friday, April 26, 2024

ශෙහාන් මාලක අත්අඩංඟුවට ගැනීම සුදුවෑන් සංස්කෘතිය යළි ගෙන ඒමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම යළි සුදවෑන් තර්ජනයක් ගෙන ඒමක් දැයි කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා ප්‍රශ්ණ කරයි.

පසුගිය වසරේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බව ෂෙහාන් මාලක ගමගේ ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව සොයා බලන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

ශෙහාන් මාලක ගමගේ අද දින අත්අඩංගුවට ගැනීම පිළිබඳව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් ගරු සිරිල් ගාමිණී පියතුමා සිදුකළ මාධ්‍ය ප්‍රකාශය පහත දැක්වේ.

එහිදී පියතුමා ප්‍රශ්ණ කරන්නේ මෙරට අද ගමන් කරන්නේ ඒකාධිපතිවාදය කරාද යන්නයි.

කාදිනල් රංජිත් මේ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය පහත දැක්වේ:

 

Archive

Latest news

Related news