පාස්කු ඉරුදින තස්ත්‍ර ප්‍රහාරය වැළැක්වීමට අවස්ථාව තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ උසස් නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබදව නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් තවත්  විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

මේ බව ප්‍රකාශ වූයේ  කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය ඉදිරියේ අද (10) කරුණු වාර්තා කිරිමකිනි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඩ් සහ්රාන් යන අයගේ බිරිද වන මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබා සිටි අබ්දුල් කාදර් ෆාතිමා හාදියා යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත යුතුව ඇති බැවින් ඒ සදහා අවසර ලබා දෙන ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව, ලබන 12 වැනිදා සිට 25 වැනිදා දක්වා අතර කාලයේදී වැලිකඩ බන්ධනාගාරයට ගොස් එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කළාය.

ලංකාදීප ඇසුරෙනි.