Saturday, November 23, 2024

මත විමසුමක ප්‍රතිපල: යුද හමුදා පාලනයකට මෙරට ජනයා 71% අකමැතියි! 

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් විසින් වර්තමාන පාලන තන්ත්‍රය යටතේ ආණ්ඩුකරණ ක්‍රමය තක්සේරු කිරීමට දීප ව්‍යාප්තව පවත්වන ලද  මත විමසුමක විධායක සාරංශය පහත දැක්වේ.

එය පෙන්නුම් කරන්නේ යුද හමුදා ආණ්ඩුකරණයකට මෙරට බහුතර ජනතාව කැමැති නැති බවයි. රට පාලනය කළ යුත්තේ හමුදාව විසින් දැයි අසන ලද ප්‍රශ්ණයට, සැලකිය යුතු බහුතරයක් (70.8%)  එකඟවී නැත. එසේ නමුත් යුද හමුදාව සිවිල් කටයුතු වලට ( එනම් කොවිඩ් එන්නත් කරණය වැනි) සම්බන්ධවීමට සියයට 80 කැමැත්තක් තිබේ.

සමස්තයක් ලෙස බලන විට මෙම මත විමසුම පෙන්වන්නේ ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුකරණය පිළිබඳව කැමැත්තක් ජනයා අතර නැති බවයි.

විධායක සාරාංශය

රජයේ කාර්යසාධනය පිළිබඳ තත්ත්වය

■ සමස්තයක් වශයෙන් ප්‍රතිචාර දැක්වුවන් විශ්වාස කරන පරිදි රජය විසින් අවධානය යොමුකළ යුතු ප්‍රධානතම කාරණා ත්‍රිත්වය වන්නේ, කෝවිඩ්-19 ව්‍යාප්තිය අවම කිරිම (30.3%), ජීවන වියදම ඉහළයාම පාලනය කිරීම (26.1%) සහ ආර්ථික වර්ධනය සහතික කිරීම (25.9 %) ආදියයි.
■ ප්‍රතිචාර දැක්වුවන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක් (67.2 %) කෝවිඩ් අර්බුදය සමනය කිරීමේදී කැබිනට් මණ්ඩලයේ කාර්යක්ෂමතාවය පිළිබඳ සෑහීමකට පත් නොවේ. කෙසේ නමුත්, ප්‍රතිචාරකයන් තම ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳ බොහෝ දුරට සෑහීමකට පත්වන බව පෙනේ.
■ ප්‍රතිචාර දැක්වූවන් බහුතරයකගේ (72.1%) මතය වන්නේ රසායනික පොහොර සෞඛ්‍යයට හිතකර නොවන නමුත් පැහැදිලි විසඳුමක් ලැබෙන තුරු රසායනික පොහොර යම් ප්‍රමාණයකට භාවිතා කළයුතු බවයි. නමුත් ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 23% කගේ අදහස වුයේ රසායනික පොහොර සෞඛ්‍යයට අහිතකර බැවින් ඒවා භාවිතය
සම්පුර්ණයෙන්ම නතර කළ යුතු බවයි.
■ ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 45% කට ආසන්න පිරිසක් ප්‍රකාශ කර සිටියේ සෑමදෙනාටම වෙළඳ ප්‍රතිලාභ වැඩිවන බැවින් රජය විසින් විදේශ සමාගම්වලට අපේ රටේ ආයෝජනය කිරීමට ඉඩදිය යුතු බවය. එහෙත් 37.5% ක් පෙන්වා දෙනු ලබන්නේ විදේශීය සමාගම්වල සූරාකෑම හේතුවෙන් රජය විසින් විදේශ ආයෝජනවලට ඉඩ ලබා නොදිය යුතු
බවයි.
■ පසුගිය ආණ්ඩුව බලයේ සිටි කාලය හා සසඳන විට ප්‍රතිචාරකයන් කියා සිටියේ, නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේදී අපක්ෂපාතීත්වය, ජනාධිපතිවරයා දේශපාලන නායකයන් සහ හමුදාව හෝ වෙනත් සිවිල් ආරක්ෂක හමුදාවන් විවේචනය
කිරීමේ නිදහසෙහි අඩුවීමක් වර්තමානයේ දක්නට ලැබෙන බවයි. එසේම ප්‍රතිචාරකයන් කියා සිටියේ සාමාන්‍ය ජීවන තත්ත්වයෙහි පහත වැටීමක් ද පවතින බවයි.

රජයේ පොරොන්දු පිළිබඳ තත්ත්වය

■ ප්‍රතිචාරකයන්ගෙන් බහුතරයක් (64.1%) ප්‍රකාශ කර සිටියේ රජය විසින් සිය පාලන කාලය තුළ රට තුළ පවතින වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩගනු ඇතැයි සිතිය නොහැකි බවයි.
■ වර්තමාන පාලන ක්‍රමය යටතේ ජාතික ආරක්ෂාව පිළිබඳ සිතන විට ප්‍රතිචාරකයින්ගේ බහුතරයකගේ (60.4%) අදහස වන්නේ රටේ අභ්‍යන්තර ආරක්ෂක තර්ජන වලින් බොහෝ දුරට ආරක්ෂා වනු ඇති බවය. නමුත් 30% ක් පමණ පිරිසක් එම මතයට විරුද්ධව ප්‍රතිචාර දක්වා ඇත.
■ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන රජයේ සැලසුම් සම්බන්ධයෙන් යම් තරමක සැකයක් පවතින බව පෙනේ. මෙහිදී, ප්‍රතිචාර දැක්වුවන්ගෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයකගේ අදහස වන්නේ රජය සිය පාලන කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලබන්නේ දැයි තමන් නොදන්න බවයි. එසේම 40% කට ආසන්න ප්‍රමාණයකගේ අදහස වී ඇත්තේ එසේ කරනු ඇතැයි සිතිය නොහැකි බවයි.

පාලන ස්වභාවය පිළිබඳ තත්ත්වය

■ මැතිවරණවලින් අපහසුතාවයට (බලපෑමකට) පත් නොවන ශක්තිමත් නායකයෙකු සිටීම සඳහා සැලකිය යුතු සහයෝගයක් ඇති බව පෙනේ.
■ තීරණ ගැනීම පිළිබඳ මහජන මතය විශ්ලේෂණය කිරීමේදී, රටට අදාළ සියලුම ප්‍රධාන තීරණ දේශපාලඥයන්ට වඩා විශේෂඥයන් විසින් ගතයුතු බවට වන අදහසට අතිබහුතරය (87.4%) එකඟ වන බව පෙනී යයි.
■ ආගමික නායකයන් විසින් තීරණ ගැනීමේදී, බහුතරයක් වු ප්‍රතිචාරකයන් (76.3%) ගේ අදහස වුයේ සියලු ප්‍රධාන තීරණ ආගමික නායකයන් විසින් ගතයුතු බවට වන මතයට තමන් එකඟ නොවන බවයි.
■ ප්‍රතිචාරකයන් අතිබහුතරයක් (92.2%) තමන් විසින් තෝරා පත්කර ගැනීම් මූලධර්ම (ෑකැජඑසඩැ ඡරසබජසචකැ) සඳහා සහය දැක්වීය.
■ ප්‍රතිචාරකයන්ගෙන් හරි අඩක් (50.3%) මතය වුයේ ජනාධිපතිගේ බලතල අඩුකර පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබා දිය යුතු බවයි.
■ ජාතික මට්ටමින් බලන කළ, දේශපාලනය පිළිබඳ මනා දැනුමක් නොතිබුණ ද, ආණ්ඩුව තුළ දේශපාලඥයින්ට වඩා විශේෂඥයන් සිටිය යුතු බව, ප්‍රතිචාර දැක්වුවන්ගෙන් බහුතරයකගේ (60.7%) අදහස විය.

හමුදාවේ භූමිකාව පිළිබඳ තත්ත්වය

■ රට තුළ පවතින කෝවිඩ් අර්බුදය සමනය කිරීමට හමුදාව ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් හේතුවෙන් ඔවුන් කෙරෙහි සමාජය විසින් අතිමහත් සහයෝග යක් දක්වයි. කෙසේ වෙතත්, රට පාලනය කළ යුත්තේ හමුදාව විසින් දැයි ප්‍රතිචාරකයන්ගෙන් විමසු විට, සැලකිය යුතු බහුතරයක් (70.8%) එයට එකඟ නොවීය.
■ අර්බුදකාරී අවස්ථාවක දී නිලධාරී ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීමට වඩා හමුදාව විසින් තත්ත්වය කළමණාකරණය කර ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු සහයෝගයන් ඇති බව පැහැදිලි විය. මෙම මතය සමඟ සුලුතර ජනවාර්ගික ප්‍රජාවේ ප්‍රතිචාරකයන්ට වඩා සිංහල ජනවාර්ගික ප්‍රජාවේ ප්‍රතිචාරකයන් වඩා එකඟවීමක් දක්නට ලැබුණි.
■ සිවිල් රාජකාරි ඉටු කිරීම සඳහා ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය පුලුල් වීම සම්බන්ධයෙන් ජාතික වශයෙන් ප්‍රතිචාරකයන්ගේ බහුතරයක් (84.1%) සෑහීමකට පත්වන බව පෙන්නුම් කරන අතර 17.4% ක් පමණ ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවේ.

සමාජ තත්ත්වය පිළිබඳව

■ කුටුම්භ අදායම මත අවධානය යොමු කිරීමේදී ප්‍රතිචාරකයන්ගේ සැලකිය යුතු ප්‍රතිශතයක් (75.1%) කියා සිටියේ ඔවුන්ගේ ගෘහයේ ආදායම නරක අතට හැරී ඇති බවයි. එසේම ප්‍රධාන වශයෙන් උඩරට දෙමළ ප්‍රජාව (63.6%) ප්‍රකාශකර සිටියේ පසුගිය වසර දෙකකට පෙර තත්ත්වය හා සැසදීමේදී ඔවුන්ගේ ගෘහ අදායම බෙහෙවින් නරක අතට හැරී ඇති බවයි.
■ වසර දෙකකට පෙර පැවැති තත්ත්වය හා සසඳන විට, පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිචාරකයින්ගෙන් තුනෙන් එකක් කියා සිටියේ ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාව නරක අතට හැරී ඇති බවයි. එපමණක් නොව බොහෝ දුරට මෙහිදී ප්‍රතිචාර දැක්වු සුලුතර වාර්ගික ප්‍රජාවගේ (මුස්ලිම් 45.4% , දෙමළ 42.7% , උඩරට දෙමළ 42.6%) අදහස වුයේ ආරක්ෂාව පිළිබඳ හැඟීම වසර දෙකකට පෙර පැවැති තත්ත්වය හා සසඳන විට පවතින තත්ත්වය නරක අතට හැරී ඇති බවයි.
■ ප්‍රතිචාරකයින් බහුතරයකගේ (68.4%) මතය වී ඇත්තේ කෝවිඩ්-19 පාලනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති රෙගුලාසි දේශපාලන නායකයින් විසින් නිසි ලෙස අනුගමනය නොකළ බවයි.

කෝවිඩ්-19 රෙගුලාසිවල නීත්‍යනුකූලභාවය පිළිබඳ තත්ත්වය

■ ප්‍රතිචාර දැක්වුවන්ගේ බහුතරය (75.1 ්‍ර) පෙන්වා දෙනු ලබන්නේ රජය විසින් පනවන ලද රෙගුලාසි කෝවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රයෝජනවත් වූ බවයි.

සාධාරණව සැලකිම පිළිබඳ තත්ත්වය

■ ප්‍රතිචාර දැක්වුවන්ගෙන් බහුතරයක් ( 55්‍ර කට ආසන්න පිරිසක්) පෙන්වා දෙනු ලැබුවේ කෝවිඩ්-19 අර්බුදය අවම කිරීම සඳහා රජය විසින් පනවන ලද රෙගුලාසි රටේ සියලුම පුරවැසියන් කෙරෙහි සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවු බවයි.
■ ප්‍රාදේශීය මට්ටමින් රජයෙන් සේවාවන් ලබා ගැනීමේ දී හෝ රජයේ සහනාධාර ලබන විට පොලිසිය, හමුදාව සහ සෞඛ්‍ය බලධාරීන් විසින් කෝවිඩ්-19 රෙගුලාසි ක්‍රියාවට නංවන විට, වෙනස්කොට සැලකීම හෝ අසාධාරණව
සැලකීම් දැඩිව අත්විඳ ඇති බව සිංහල ප්‍රජාවේ ප්‍රතිචාරකයන්ට වඩා, වාර්ගික වශයෙන් බොහෝ සුලුතර ප්‍රජාවන්ගේ අත්දැකීම විය.
■ සංසන්දනාත්මකව බැලූවිට, උඩරට දෙමළ ප්‍රජාවෙන් සැලකිය යුතු බහුතරයක ප්‍රතිචාර දැක්වුවන් (58.8%) පෙන්නුම් කරනු ලබන්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ සම්බන්ධකම් හේතුවෙන් රජයේ සහනාධාර ලබා ගැනීමේදී ඔවුනට අසාධාරණයක් සිදු වූ බවයි.

For full report in English visit CPA web site.

Archive

Latest news

Related news