Thursday, April 25, 2024

සෞඛ්‍ය සේවාව බියකුරු මහජන ආරක්ෂා පනත යටතේ අත්‍යවශය සේවාවක් කරයි; වර්ජනයට තහනම් නියෝගයක්.

සෞඛය සේවා වැඩ වරජනය පවත්වාගෙන යාම   කිරීම වළක්වාලමින් කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව වාරණ නියෝගයක් ඊයේ එනම් 11දින නිකුත් කර තිබේ.

වාරණ නියෝගයක් නිකුත් කර ඇත්තේ කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක වැඩ වර්ජන කිරීම අනීතික බව පවසමිනි.

එනමුත් ඊට දිනට පෙර ආණ්ඩුව අනුරාධපුරයෙහි මහජන රුස්වීමක් පවත්වන ලද්දේ කිසිදු කොවිඩ් රෙගුලාසියක් සළකන්නේ නැතිවය.

අධීකරණයේ මෙම නියෝගය අනුව කොවිඩ් වසංගතය පවතින තුරු කිසිදු වැඩ වර්ජනයක් කළ නොහැක.

නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ  දිසාවිනිසුරුවරයා  ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල වාරණ නියොගයපණවා එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාරුවන්ට වැඩිදුරටත් නියෝග කර තිබේ.

මේ අතර එදිනම ගැසට් නිවේදනයක් මගින් රජය  සෞඛ්‍ය සහ විදුලිය අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ.

හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කළ විට වැඩ වරජන කිරීම නීති විරෝධීය.

මෙයට පෙර අධිකරණ ඇමැති අලි සබ්රි කියා සිටියේ ක්ෂෙත්‍ර ගණනාවක වැඩ වර්ජන සහමුලින්ම තහනම් කළ යුතු බවයි.

මේ සම්බනධයෙන් ‌ සිය මුුුුුහුණූ පොතේ සටහනක් තබන ශිරාල් ලක්තිලක මෙසේ කියයි:

ලාංකීය වෟත්තීය සමිති ව්යාපාරයේ මලගම ඇරඹේ!
ප්රජාතන්ත්රවාදය අගයන සියල්ලන්ගේම පිලිකුලට ලක්විය යුතු ක්රියාවක් වන්නේය!
ඊයෙ මධ්යම රාත්රියේදී ජනාධිපති වරයා විසින් 2266/55 දරන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙම රෙගුලාසි පනවා ඇත්තේ 1979 අංක 61 දරන අත්යවශ්ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේය.
එය මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කරන හදිසි නීති වලින් වෙනස් වන්නේය.
ජේආර් 80 වර්ජනය වල පල්ලට ඇරියේද මෙම පනත යටතේය.
මෙම නියෝග කඩකරන පුද්ගලයකුට එරෙහිව මහෙස්ත්රාත් අධිකරනය ඉදිරියේ නඩු පවරා දඩයක් හෝ අව්රුදු 2-5 අතර සිර දඬුවමක් ලබා දිය හැක.
එසේම දඬුවම් නියම කල පුද්ගලයාගේ දේපල රාජසන්තක කල හැක.
එම පුද්ගලයා ලියාපදිංචි වෟතිකයකු නම් එම පුද්ගලයාගේ නම එම වෟත්තික ලේඛනයෙන් ඉවත් කල හැක.
මෙම පනතට අනුව වෟත්තීය සමිති ක්රියාමාර්ගයක් විත්ති වාචකයක් ලෙස නොසලකයි.
මෙම පනතේ වරදක් යන්න පුද්ගයකු විසින් වර්ජනයකට එලඹීම හෝ තවත් පුද්ගලයකු වර්ජනයකට භෞතිකව පෙලඹවීම හා ලිඛිත හෝ වාචික භාෂනයෙන් වර්ජනයට පෙලඹවීම වරදක් වන්නේය.
මෙම වරද අධිකරනය ඉදිරියේ අභියෝග කල නොහැක.
මෙය මහජන ආරක්ෂක පනතට වෙනස් භයානක පනතකි.
මෙම රෙගුලාසි මසකට පමනක් බලාත්මක වේ. රෙගුලාසි පල කල විටම පාර්ලිමේන්තවට ඉදිරිපත් කල යුතුය.” පාර්ලිමේන්තුව අනුමත කල යුතුය.

 

 

Archive

Latest news

Related news