Saturday, April 20, 2024

“මගේ මිනිහා මගේ පොලිසියට දමනු!” වාසුදේව නානායක්කාර, වීරසේකරට කියයි! 

ඡාඡායාරූපය: වාසුදේව සැළකෙන්නේ අගමැති රාජපක්ෂගේ අතවැසියකු ලෙසය.

කිරිඇල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස යම් නිලධාරියෙකු පත් කරන ලෙස තමන් කළ ඉල්ලීම මහජන ආරක්ෂාව බාර ඇමති සරත් වීරසේකර විසින් ප්‍රතික්ෂේප කළ බවට ජල සම්පාදන අමාත්‍ය සහ හිටපු ට්‍රොට්ස්කිවාදී නායකයකු වන වාසුදේව නානායක්කාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැමිණිල්ලක් කර ඇති බව ද අද අයිලන්ඩ් වාර්තා කරයි.

මෙම පුවත පළවන්නේ ශ්‍රී ලංකාවේ පොලීසිය සහමුලින්ම දේශපාලනකරණය වී ඇති බවටත් පොලස් ස්ථානාධිපති තනතුරු දේශපාලනඥයින්ගේ කැමැත්ත මත පමණක් සිදුවන බවටත් හිටපු කීීීීීීීීර්තිමත් පොලිස් නිලධාරියකු වන අජිත් ධර්මපාල විසින් යූ ටියුබ් නාලිකාවක් හරහා කරන ලද හෙළිදරව්වට  සමගාමීවය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක නානායක්කාර සතිපතා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම ප‍්‍රශ්නය මතු කළ බවත් ඒම වාර්තාව සඳහන් කරයි. නානායක්කාර සහ පවිත්‍රාදේවි වන්නිආරච්චි යන දෙදෙනාම තමන් දන්නා හඳුනන නිලධාරියෙකු ස්ථානාධිපති කිරිඇල්ල පත් කර ගැනීමට උත්සාහ කළ බව හොඳින් දන්නා ආරංචි මාර්ග වෙත වාර්තා කරයි.

 

Archive

Latest news

Related news