වැඩ වර්ජකයින්ට විරුද්ධව පොලු අතට ගන්න! – තිස්ස කුට්ටිආරච්චි

687

පොදු ජන පෙරමුණේ ඇමැතිවරයකු වන තිස්ස කුටිටිආරච්චි වැඩවර්ජකයින්ට විරුද්ධව පොල් අතට ගන්න ලෙස ජනතාවගෙන් ඉල්ලා සිට තිබේ. ඔහු කියා සිටින්නේ අනුර කුමාර දිසානායකට දුන් බිත්තර පූජාව සහ විජිත හේරත්ට දුන් ගල් පූජාව මෙන් වෘත්තීය සමිති නායකයින්ට පොලු පූජාව දීමට සැරසෙන ලෙසයි.

ඔහු මෙම ප්‍රකාශය කරන්නේ් පොදු ජන පෙරමුණේ කාර්යාලයේදීය.

ඩේලි මිරර් පුවත් පත විසින් පළ කරන ලද එම කතාව අඩංඟු වීඩියෝව පහත දැක්වේ.

මෙයට පෙර අධිකරණ ඇමැති කියා සිටියේ වැඩවර්ජන තහනම් කිරීමට පියවර ගත යුතු බවයි.