Tuesday, July 16, 2024

නිවාඩ් කබ්රාල් අර්ථ සාධක මුදල් බිලියන ගණන් අවභාවිත කල හැටි ජාතික විගණන වාර්තාව පෙන්වයි!

ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද සේවක අර්ථසාධක අරමුදලේ (EPF) විගණනයකින් දැවැන්ත මුදල් අවභාවිතයක් හෙළි වී තිබේ.

පසුගියදා ජාතික විගණන කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් මෙම හෙළිදරව්ව අනාවරණය විය. EPF යනු රටේ විශාලතම සහ වඩාත් පුලුල් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයයි.

2013 වසරේ කැන්විල් හෝල්ඩිංග්ස් හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත නොකළ සමාගම්වල කොටස් සඳහා කරන ලද ආයෝජනවලින් බිලියන 5ක් හෙවත් 56%ක් ආයෝජනය කර ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කරන ලදුව 2006 ජූලි 1 සිට 2015 ජනවාරි 9 දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේ වර්ථමාන මහ බැංකු අධිපති වන අජිත් නිවාඩ් කබ්රාල් ය.  මේ දැවැන්ත දූෂිත ආයෝජන බොහොමයක් සිදුවී ඇත්තේ ඔහු යටතේය.

ආර්ථිකය කඩා වැටෙමින් තිබූ ග්‍රීසියෙහි මුදල් ආයෝජනය කිරීම මගින්ද කබ්රාල් මහ බැංකුවට මහත් අලාශයක් සිදු කළේ එකළය.

2013 රුපියල් බිලයන 5ක් ලබා ගත් එම සමාගම 2021 වනතුරු එවැනි හෝටලයක් ගොඩ නැගීමට පටන් ගෙනවත් නැත. ඒසා විශාල මුදලක් ලබා ගෙන එම සමාගම කළේ කුමක්ද යන්න වාර්තාව අනාවරණය නොකරයි.

මේ නිසා 2013 සිය 2021 දක්වා ගත වූ කාලය තුළ මෙරට මහා ජනයාගේ මුදල් වන අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන පහකට කිසිදු ආදායමක් ලැබී නැත. එම මුදල ස්ථිර තැන්පත් වැනි ක්‍රමයකට ආයොජනය කළේ නම් තවත් බිලියන පහක් උපයා ගැනීමට හැකි වන්නට තිබුණි.

තවද රු. ද ෆිනෑන්ස් සමාගමේ බලපත‍්‍රය අවලංගු කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළ රුපියල් මිලියන 205 ක මුදලක් අහිමි වී ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

මීට අමතරව, ජාතික විගණන කාර්යාලය සිය වාර්තාවේ පෙන්වා දී  ඇත්තේ අරමුදල, ලැයිස්තුගත සමාගම් 83 ක රුපියල් මිලියන 83,463 ක් අයෝජනය කර තිබූ නමුත් , එම ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම රු. මිලියන 12,656 ක් හෝ 15% දක්වා රු. මිලියන 70,807 2020 දෙසැම්බර් 31 වන විට පහත වැටී ඇති බවයි.

සේවක අර්ථසාධක අරමුදල 1958 අංක 15 දරන පනත යටතේ පිහිටුවන ලද අතර එහි වත්කම් පදනම රු. 2020 අවසන් වන විට රුපියල් බිලියන 2,814ක් විය. සේවක අර්ථසාධක අරමුදලේ අරමුණ වන්නේ ජීවිතයේ විශ්‍රාමික අවධියේදී සේවකයාගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සහ රටේ ආර්ථික වර්ධනය සඳහා සේවකයාගේ/ඇයගේ කාර්යභාරය වෙනුවෙන් නිසි මුදල් ලබා දීමය.

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසිනි. එම ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසිනි.

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇමතීමට The Sunday Morning විසින් ගන්නා ලද උත්සාහයන් අසාර්ථක වී තිබේ.

(The Sunday Morning වාර්තාවක් ඇසුරෙනි)

Archive

Latest news

Related news