Saturday, May 4, 2024

වැඩවර්ජන තහනම් කළ යුතුය; ජනාධිපතිතුමා පොඩ්ඩක් ලිහිල් වැඩියි – අධිකරණ ඇමති කියයි

ජලසම්පාදනය, විදුලිබල මණ්ඩලය, වරාය, රේගුව, තෙල් සංස්ථාව, විදුලිය වැනි රාජ්‍ය ආයතනවල වැඩවර්ජන කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

මේ සම්බන්ධයෙන් වන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවත් පොලිසිය, හමුදාවට මෙන් එවැනි රජ්‍ය ආයතනවල සේවකයින්ටද වැඩවර්ජන කිරීමට නොහැකි වන ලෙස නීති සකස් කළ යුතු බව අධිකරණ ඇමතිවරයා පවසයි.

පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමඟ ඊයේ රාත්‍රී පැවැත්වූ සංවාදයකදී අධිකරණ ඇමතිවරයා මේ අදහස් පළකරනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන අධිකරණ ඇමතිවරයා….

“ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා නම් ඒකට දේශපාලනඥයෝද වගකියන්න ඕන. වැඩකරන අය වගකියන්න ඕන නැද්ද? ඉංජිනේරුවෝ වගකියන්න ඕන නැද්ද? සේවකයෝ වගකියන්න ඕන නැද්ද? මේක සංකීර්ණ දෙයක්. පෞද්ගලිකව මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා පොඩ්ඩක් ලිහිල් වැඩියි. සැර ජනාධිපතිවරයෙක් තමයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ සමහර කරුණුවලදී.” යනුවෙන් පැවසීය.

( ලංකා ට්රුත්)

 

Archive

Latest news

Related news