Thursday, April 25, 2024

යුදකරණය: නියාමකයින් ලෙස මෙරට බන්ධනාගාර පාලනයට SPEAT Force නම් විශේෂ මිලිටරි ඒකකයක් පිහිටුවයි.

ඡායාරූපය: සිරකරුවන් පාලනය කරන අන්දම SPEAT Force රංගනයකින් පෙන්වයි.

මෙරට බන්ධනාගාර පාලනය කිරීම සඳහා ජේලර්වරුන් ලෙස සේවය කරනු ඇති විශේෂ මිලිටරි එකකයක් පිහිටුවා තිබේ. සාමාජිකයින් 194 දෙනෙකුගෙන් යුත් පුහුණුව ලද එහි ප්‍රථම කණ්ඩායමෙහි විසිර යෑමේ පෙළපාලිය ඊයේ එනම් 26වනදා පවත්වන ලදී. එය පවත්වන ලද්දේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විශෝධන පිළිබඳ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදීය.

මෙම ඒකකය ‘ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය නොහොත් ‘SPEAT Force’ (‘Sri Lanka Prisons Emergency Action and Tactical Force’)  නමින් හැදින්වේ. එය පිහිටුවා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව බව ආරක්ෂ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සුරක්‍ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.

ත්‍රිවිධ හමුදාවන්ගෙන් නීත්‍යානුකූලව ඉවත්වූ නොකැළැල් සේවාවක් ඇති සේවා මුක්ත භඨයින්ගෙන් මෙම බලකාය සමන්විත වන බවත් ඔහු පවසා ජෙනරල් ගුණරත්න ප්‍රකාශ කරයි. මෙම බලකාය සාමාජිකයින් 500කින් සමන්විත වනු ඇත.

පුහුණුව ලත් සිවිල් නිලධාරීන් විසින් කල යුතු බන්ධනාගාර පරිපාලනයට යුද හමුදා ඒකකයක් යෙදවීම මෙරට සිදුවෙමින් ඇති යුදකරණයේ තවත් පියවරක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

යුද හමුදා සොල්දාදුවන් වත්මන් බන්ධනාගාර නියාමකයින්ට ඉහළින් සිටිනු ඇති බවත් එමගින් බන්ධනාගාර පාලනය තවත් අර්බූදයකට යා හැකි බවත් ඔහු සඳහන් කරයි.

මෙම විශේෂ හමුදා ඒකකය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන්නේද යන්න තවම පැහැදිළි නැත.

 

 

Archive

Latest news

Related news