Monday, May 20, 2024

හිටපු ඒල්ටීටීඊ මාධ්‍ය සම්බන්ධිකාරක දයා මාස්ටර්ට ත්‍රස්ත පනත යටතේ සිර දඬුවම් නියම කරයි

ඡායාරූපය: දයා මාස්ටර් රාජපක්ෂ ආණ්ඩුවේ සහ හමුදාවේ හිතවතකු බවට පත්ව සිටියේය.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක දයා මාස්ටර්ට  අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ. ම දඩුවම නියම කර ඇත්තේ මෙයට වසර 13කට පෙර  අවසන් වූ යුද්ධය සම්බන්ධයෙනි.

දයා මාස්ටර්

යුද්ධය එහි අවසාන අදියරට ළගා වි බිහිසුනු මිනිස් ඝාතනයන් සිදුවෙමින් පැවැති  2009 අප්‍රේල් මාසයේදී දයා මාස්ටර් ශ්‍රී ලංකා හමුදාවට යටත් වූයේ ය.

වසර ගණනාවක් හමුදා අත්අඩංගුවේ සිටිය පසුව නිදහස් කරන ලදී.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උල්ලංඝණය කළ බව පවසමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය නගාසිටුවීම, ආධාර හා අනුබල දීමේ චෝදනා ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා 2018 ඔක්තෝම්බර් මාසයේදී දයා මාස්ටර්ට එරෙහිව චෝදනා ගොනු කළේය.

දයා මාස්ටර් නොහොත් වේලායුධම් දයානිධී වසර දෙකක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවමින් නිදහස් කිරීමට තීන්දුව දෙන ලද්දේ වව්නියාව මහාධිකරණ විනිසුරු  මානික්කවාසගර් ඉලංචේලියන් විසිනි.

 

අධිකරණය පිටත දී මාධ්‍යවේදීන් අමතමින් නීතීඥ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් දයා මාම්ටර්ට විරුද්ධව ගොනු කරන ලද චෝදනා  සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අතලොස්සක් පමණක් බවයි. එම චෝදනාවන්ට දයා මාස්ටර් වරද පිළිගෙන ගන්නා ලදී.  ඔහුට  වසර 5කට අත්හිටුවවන ලද වසර 2ක සිර දඬුවමක් නියම කරන ලදී.

ශ්‍රී ලංකා හමුදා අත්අඩංගුවේ පසුවන අතරතුර දයා මාස්ටර් 2013 වසරේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (එජනිස)  උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා විය.

එවකට පැවති රාජපක්ෂ ආන්ඩුවේ  ” උත්සාහයේ අවංක” බවත් “එජනිස ජනතාවගේ සුබසිද්ධිය සඳහා භාණ්ඩ ලබා දෙන” බවත් ඔහු පැවසූ බව  ජනමාධ්‍ය වාර්තා කරන ලදී.

කෙසේ වෙතත්, මැතිවරණයට මොහොතකට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කරන විට ඔහුගේ නම ලැයිස්තුවේ තිබුණේ නැත.

2010 ජනාධිපතිවරණ සමයෙහි ඩෑන් ටීවී හි සංස්කාරකවරයකු වශයෙන් ඔහු ප්‍රසිද්ධියේම මහින්ද රාජපක්ෂට පක්ෂව සිය මාධ්‍ය හැසිරවීය.

( ටැමිල් ගාර්ඩියන්හි පළ වු පුවතක් ද ඇසුරිණි)

Archive

Latest news

Related news