Thursday, April 25, 2024

“එළිමහන් සිරකඳවුරේ මරණය සැක සහිතයි” – මව සහ දියණිය අධිකරණයට කියති.

ඡායාරූපය: නීතිඥ සේනක පෙරේරා සහ ප්‍රබෝධ රත්නායක අධිකරණ භූමියෙන් පිටත දී මාධ්‍යට කරුණු පැහැදිලි කරයි.

අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි කදුරුගස්ආර එළිමහන් සිර කදවුරේදි මරා දැමුණූ බවට සැක කැරෙන  ලලිත් චමින්ද හෙට්ටිගේ නම් රැදවියාගේ මරණය පිළිබඳ මූලික පරීක්ෂණය පැවැත්වුනි. එහි නඩු අංකය B R 85/22 වේ.

ඊට සහභාගි වි සාක්ෂි දුන් ඔහුගේ බිරිද  එම්.එච්. සෝමලතා සහ  දියණිය වන දිලානි මංජුලා සාක්ෂි දුන්හ.

එම දෙදෙනාම කියා සිටියේ ඔහුගේ මරණය තමන්ට සැක සහිත බවයි.

මරණයට හේතු වශයෙන් බන්ධානාගාර නිලධාරීන් අඩුම වශයෙන් අවස්ථා දෙකකදී විවිධ හේතු ඔවුන්ට දන්වා තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඔහුගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක් දී ඇති අතර වැඩිදුර පරික්ෂන සඳහා ඔහුගේ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ.

අද දින අධිකරණ කටයුතු සඳහා සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව වෙනුවෙන් සේනක පෙරේරා සහ ප්‍රබෝධ රත්නායක යන නීතිවේදීන් ද  එම දියණිය සහ මවට සහාය පළ කිරීම පිනිස සුදේශ් නන්දිමාල් සහ නීතිවේදීනි අචලා සෙනවිරත්න ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

මෙවැනි සිරකඳවුරු වල සිටින සිරකරුවන්ගෙන් දුරකතණ ඇමැතුමක් ලබා ගැනීමට නම් බන්ධනාගාර නියාමකයකුගේ දුර කථනයකට රුපියල් 1000ක්ද  වීිඩියෝ ඇමැතුමක් වෙනුවෙන් රුපියල් 5000ක් ද දැමිය යුතු බවට තමන්ට පැමිණිළි ගණනාවක්ම ලැබී ඇතැයි නීතිඥ සේනක පෙරේරා ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

මරාදමන ලද ලලිත් චමින්ද හෙට්ටිගේ නම් රැදවියාගෙන් දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා ඔහුගේ දියණිය විසින් එවැනි නියාමකයකුගේ  දුරකතනයකට යවන ලද මුදල් පොලිස් පරීක්ෂණ මගින් සොයා ගත හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

Archive

Latest news

Related news