Thursday, March 28, 2024

බන්ධනාගාර පාලනයේ අවළම් හැසිරීම පෙන්වන එළිමහන් සිරකදවුරේ මිනී මැරුම

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ පහ​ත ඡායාරූපයේ ඇති බැනර් එක ඉදිරියේ තිබෙන අසුනේ කිසිවෙකු වාඩි වෙනවාට වඩා හිස්ව තිබෙනු දැකීමට අපගේ වැඩි කැමැත්තක් ඇත. ඒ, එම අසුනේ කිසිවෙකු වාඩිවෙන්නේ සුන්දර කතාවක් කීමට නොවන නිසාය.

දිලානි මංඡුලා

ඊයේ එම අසුනේ වාඩිවුයේ දිලානි මංජුලා ය. දිලානි මංඡුලා යනු ලලිත් චමින්ද හෙට්ටිගේ ගේ දියණියයි. ලලිත් චමින්ද හෙට්ටිගේ යනු කුලී වැඩ වලින් ජීවත් වූ වයස 49 පුද්ගලයෙකි.

මීට වසර තුනකට පෙර ලලිත් චමින්ද හෙට්ටිගේ රැපියල් 10,000 මූල්‍ය වංචාවක් නිසා වසර හතරකට බන්ධනාගාර ගත වන අතර ඔහුගේ යොමුකරන්නේ අගුණකොල පැලස්ස බන්ධනාගාරයෙන් පාලනය වන කදුරුගස්ආර එළිමහන් සිර කදවුරේය. ඔහුගේ සිරකාලය 2023.11.16 දින නිම වීමට නියමිතව තිබිණි.

පසුගිය ජනවාරි 13 වනදා තමන්ට නැවත මුණ ගැසීමට නොහැකිවනු ඇති බව ලලිත් දියණියට දුරකතනයෙන් ප්‍රකාශ කරන අතර14 වනදා ලලිත් චමින්ද හෙට්ටිගේ මිය ගොස් ඇති බව බන්ධනාගාර නිළදාරීන් ලලිත් ගේ පවුල වෙත දන්වයි. පසුගිය 18 වනදා ලලිත්ගේ අවසන් කටයුතු ඉමදුවේදී සිදු කරන ලදි.

ඝාතනය දැන ගත් දින සිටම මංජුලා ඇතුලු පවුල සිරකරු අයිතිවාසිකම් කමිටුව සමග සමීපව කටයුතු කල අතර ඊයේ මංජුලා කොළඹ අප කාර්යාලය පැමිණියේ සිදුවීමේ සියලු කරුණු මාධ්‍යට හෙලි කිරීමටය.

මංජුලා හෙළිකරන කරුනු අනුව,

01.පියාගේ ආරක්ෂාව සදහා යැයි පවසා දිගින් දිගම මුදල් සහ ලිංගික අල්ලස් ලබා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු කටයුතු කර ඇත.

02. පියා සිරකදවුරෙන් පැණ ගිය බව පෙන්වමින් ඔහුගේ මිය යාම සම්බන්ධයෙන් බන්ධාගාරය සම්පූර්ණයෙන් බොරු කතාවක් ගොතා ඇති අතර එය එලිමහන් සිරකදවුරෙදී ​ම සිදුවූ ඝාතන​යක් බව ඇය චොදනා කරයි.

03. සිය පියා ඝාතන කරන ලද්දේ තමන් බන්ධනාගාර නිලධාරීන්ගේ ලිංගික අල්ලස් ඇතුළු අපෙක්ෂාවන් ඉටු නොකල නිසා බව ඇය පවසයි.

බන්ධනාගාර තුළදී සිදුවූ තවත් එක් ඝාතනයක් ලෙස යටපත් වීමට නියමිතව තිබූ සිදුවීම කරළියට ගෙන ඒමට සිරකරු අයිතිවාසිකම් කමිටුවට දැන් හැකි වි ඇ​ත. ඊයේ මෙම මාධ්‍ය සාකච්චාවෙන් පසු අද දි​න බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සදහන් කර තිබුනේ මෙම සිදුවීමට අදාල​ව ජේලර් වරයෙකු ඇතුලු බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයතු සිදුකෙරෙමින් යන බවයි.

කදුරුගස්ආර බන්ධනාගාර රැදවියාගෙ මරණය ගැන කිසිත් නොදන්නා බව කිූ චන්දන ඊයෙ(22) සිරකරු අයිතිවාසිකම් සුරැකීමෙි කමිටුවෙි(CPRP ) මාධ්‍ය අනාවරණයෙන් පසු දවස් 9කට පස්සෙ මරණකුගෙ නිවසට ගොස් කටඋත්තර ගත් අයුරැ .

බන්ධනාගාරය තුළ ​රජයේ රැකවරණයෙක් සිටින සිය පියාගේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් ත​ම ශරීරය සැපයීමට දියණියකට සිදුව ඇත්නම් එයට වඩා ඛෙදවාචකයක් තවත් රටේ තිබේද ?

එසේ මුදල් සහ ලිංගික අල්ලස් ලබා ලබා නොදුන් නිසා පියා ඝාතනය වූ දියණියට සමාජයක් ලෙස අප කියන්නේ කුමක් ද?

මෙය දකුණු ඉන්දීය චිත්‍රපටයක් නොවේ. ලංකාවේ දකුණුනේ සැබෑ සිදුවීමකි. තත්වය මෙය නම් රටම දැන් එලිමහන් සිරකදවුරකි..!

සේනක පෙරේරා

සිරකරු අයිතිවාසිකම් සුරැකීමෙි කමිටුව(CPRP )

 

Archive

Latest news

Related news