Wednesday, April 24, 2024

වරාය නගරය බලන්න ටිකට් අස්ප ගණන්! අයෙකුට අවම රු.5000යි.

ඡාායරූපය: ශෙහාන් ගුණසේකර මුහුණූ පොතෙනි.

කොළඹ වරාය නගරයේ සංචාරය කිරීමට දේශීය ජනයා පැමිණෙන තත්වය තුළ එහි ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට ගෙවිය යුතු ගාස්තු කොළඹ වරාය නගර සමාගම දැනුම් දෙයි.

මෙම ටිකට් සඳහා අය කැරෙන මුදල් අනුව ඊට ඇතුල් විය හැක්කේ සුපිරි ධනවතුන්ට පමණි.

මෙවැනි ඉහළ ටිකට් මිලක් තීරණය කර ඇත්තේ සාමාන්‍ය ජනයා එහි ඇතුලුවීම වැලැක්වීමටය.

මේ යටතේ පෞද්ගලික සහ ව්‍යාපාර ලෙස කාණ්ඩ දෙකක් යටතේ ගාස්තු අය කරනු ඇත.

පෞද්ගලික කාණ්ඩයේ පුද්ගලයන්  පස් දෙනෙකු  උපරිමයට රුපියල් 30,000 කි

පුද්ගලයන් හයේ සිට 10 කට රුපියල් 50,000 කි

පුද්ගලයන් 10 කට වැඩිනම් ගාස්තුව වෙනස් වන බවත් වරාය නගර සමාගම පවසන නමුත් එම මුදල දක්වා නැත.

ව්‍යාපාරික කාණ්ඩයේ පුද්ගලයන් 10 කට අඩු නම් රුපියල් ලක්‍ෂයකි.

 පුද්ගලයන් 10 කට වැඩි නම් ගාස්තුව වෙනස් වනු ඇත.

මෙම කාණ්ඩ දෙකටම ලැබෙන්නේ පැය තුනක කාලයක් පමණකි.

රහිසිගතව ජායාරූප ගැනීමට නොහැකි වන ලෙස සෑම තැනකම චීනයේ මෙන් රහසිගත කැමරා පද්දතියක් සවිකර ඇති අතර එම කැමරා ස්වයංක්‍රීයව නිරීක්ෂනය වන පරිදි සකස් කර ඇතැයිද කියැවේ.

Archive

Latest news

Related news