Tuesday, July 16, 2024

තවත් සිරකරුවෙක් මරා දමයි: “මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා” – දියණිය හෙට්ටිගේ මංජුලා

ඡායාරූපය: හෙට්ටිගේ ලලිත් චමින්ද

ඒ සිද්ධියෙන් පස්සෙ තමයි මගේ තාත්තට කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ සේවයේ නියුතු ජේලර්ල අමාණුෂික අන්ධමින් පහරදීලා ඝාතනය කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ සිද්ධීය වෙනත්  පැත්තකට යොමු කරන්න තමයි, හිරෙන් පැනලා යනකොට මිනිස්සු අල්ලලා පහරදීලා මියගියා කියලා කියන්නේ.’

මේ කතාව අයිතිය වෙබ් අඩවිය වෙත කීවේ ඝාතනයට ලක්වූ හෙට්ටිගේ ලලිත් චමින්දගේ දියණිය හෙට්ටිගේ මංජුලා. මාතර, කනංකෙ කඩවීදිය, කන්දෙවත්ත දරණ ලිපිණයේ පදිංචි 49 හැවරදි සිව් දරු පියෙකු වූ හෙට්ටිගේ චමින්ද  2010 වර්ෂයේ එක්තරා දිනක, නිවසකට පැන රුපියල් 10000 මුදල් සොරකමකට අදාලව මාතර අධිකරණයේ පැවති නඩුකරයකදී වරදකරු වී ඇත. එහිදී මොහුට බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවමක් ලැබන අතර 2021. 03. 19 දින මොහුව අගුණුකොළ පෑලැස්ස බන්ධනාගාරයටත් ඉන් අනතුරුව 2021 අප්‍රේල් මස එක්තරා දිනකදී ඇඹිලිපිටිය කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුර වෙතද යොමු කර ඇත.

Kadurugas Ara Prison death prisoners rights

‘2022. 01. 10 දා රාත්‍රී 8.05ට  මාගේ තාත්තා මට දූරකතන ඇමතුමක් අරගෙන කතාකලා. තාත්තා ඒ වෙලාවෙ රහසින් සෙමින් කතා කළේ. කථා කරන ඒවා හරියට ඇහුනෙ නෑ. තාත්තා වෙනදා කථා කරන විට ශබ්ද නගා සිනාසී කථා කරනව. මට ඒ මොහොතෙත් හිතුනා තාත්තට කරදරයක් තමයි කියලා. ඉන් පස්සෙ තාත්තා මට කථා කලේ නෑ. ජනවාරි 13දා හවස කඹුරුපිටියේ මාගේ නිවස අසලට පැමිණි කඳුරුගස් ආර  එළිමහන් සිර කඳවුරේ සේවයේ නියුතු සුනිල් මහතා මට කිව්වා මාගේ තාත්තා අද දවල් බන්දනාගාරයෙන් පැනලා ගිහිං කියලා. ඉන්පස්සේ මම මගේ තාත්තා මට කථා කළ සෑම දූරකතනයකටම කථා කලත් කිසි නෙකකු දූරකතනය ආන්සර් කරේ නෑ. ජනවාරි 14 වනදා උදේ දැන ගන්න ලැබුනා මගේ තාත්තට හොඳටම ගහලා තාත්තා මරලා, ඇඹිලිපිටිය රෝහලට මෘත දේහය භාරදීල කියා.

මගේ තාත්තට පහරදීලා මැරුවෙ වෙන කවුරුවත් නෙවි මේ රැඳවුම් කඳවුරේ නිලධාරින්ම තමයි. ඔවුන් මගේ තාත්තට ගහල මරන්න හේතුව, මට මේ නිලධාරින් කරපු අයුතු යෝජනාවලට එරෙහිව මගේ තාත්ත කතා කිරීම. ඒකට තමයි මේ නිළධාරීන් තාත්තා එක්ක උරණ වෙලා මේ පහර දීම කරන්නේ’.

Archive

Latest news

Related news