Tuesday, July 16, 2024

අමාත්‍යංශ ලොක්කන් පස්සෙනුත් බුද්ධි අංශය යොදවයි!

නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140 කට ආසන්න පිරිසක් පිළිබඳව බුද්ධි අංශ රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන්ට විශේෂ වාර්තාවක් මගින් දැනුම්දී ඇතැයි ඉරිදා ලංකාදීප වාර්තා කරයි.

මෙම බුද්ධි අංශ නිලධාරීන් වාහන ගැන පමණක් නොව ඇමැතිවරුන්ගේ වෙනත් චර්යාවන් ගැනද වාර්තා කර ඇතැයි තතු දත් ආරංචි මාර්ග කියයි.

එම වාර්තාව අනුව රජයේ වාහන අයථා ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පවසා තිබේ.

සමහර නිලධාරීන් තමන්ට නිල බලෙන් ලැබෙන වාහන තම පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා යොදවා අමාත්‍යාංශ සහ ආයතනවල සංචිතවල පවතින වාහන පාවිච්චි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් දරුවන් රැගෙන ඒමට පැමිණ පාසල් අවට නවතා තිබූ එවැනි සුඛෝපභෝගී වාහන ගණනාවක් පිළිබඳව රජයේ බුද්ධි අංශ ඒවායේ ඡායාරූපද සමග රජයට කරුණු ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට ඇතැයි ද එම පුවත සඳහන් කරයි.

පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා ලබාදී ඇති වාහන රැසකට විවිධ අනතුරු හේතුවෙන් පසුගිය කාලයේදී අලාභහානි සිදුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වන බව කියැවේ‍.

මුල් වාර්තාව මෙහි කියවන්න:Lankadeepa Online report

 

Archive

Latest news

Related news