Monday, May 20, 2024

ජාතික ජන බලවේගයේ රැස්වීම් සොයන්න, බයකරන්න රාජ්‍ය බුද්ධි සේවය යොදවයි.

ප්‍රජාතන්ත්‍රවාදීව ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු ගම් මට්ටමින් සිදු කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පන්සල්වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එවීමෙන් වළකින ලෙසත් යම් ගැටලුවක් ඇත්නම් ගෝටාබය රාජපක්ෂ ලඟ තිබෙන තමාගේ දුරකතන අංකයට කතා කරන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසයි‍

හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති, කොළඹ දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන දෙදෙනාට අභියෝග කරමින් මේ බව පවසා තිබුණේ පසුගිය 13 වැනි දින කොට්ටාව ලියන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ශාඛා සභාව පිහිට වූ අවස්ථාවේදීය. එම රැස්වීම පැවැත්වූ විහාරස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා හතරකදී පැමිණ එම රැස්වීම නතර කරන ලෙස බලපෑම් කර තිබේ.

එයට ප්‍රතිචාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණයෙන් කියා සිටියේ රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදීද CID නිලධාරීන් පැමිණ සිටින බව නිරීක්ෂණය කරමින්ය.

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news